1 ලේකම්
21 ඊශ්‍රායෙල්වරුන්ට එරෙහිව සිටින සාතන්, ඔවුන් කීදෙනෙක් සිටිනවාද කියා ගණන් බැලීමට දාවිත් රජුව පෙලඹුවේය.+ 2 ඒ නිසා දාවිත් රජ, යෝවාබ්ට+ හා ප්‍රධානීන්ට මෙසේ පැවසීය. “දාන්+ සිට බෙයර්-ෂෙබා+ දක්වා ජීවත් වන ඊශ්‍රායෙල් ජනයාව ගණන් කර+ ඔවුන්ගේ මුළු සංඛ්‍යාව මට දන්වන්න.”+ 3 නමුත් යෝවාබ්, රජුට මෙසේ පැවසුවේය. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මේ සෙනඟ සියලුදෙනාම ඔබට අයිති ඔබේම සේවකයන් නොවෙයිද? එසේනම් මගේ ස්වාමීනි, ඔබ මේ වගේ දෙයක් කරන්න සූදානම් වන්නේ ඇයි?+ දැනට සිටින සෙනඟ සිය ගුණයකින් වුණත් වැඩි කරන්න අපේ දෙවි යෙහෝවාට පුළුවන්.+ ඒ නිසා මේ වගේ දෙයක් කර ඊශ්‍රායෙල්වරුන්ට නිකරුණේ දඬුවම් විඳීමට ඔබ සලස්වන්නේ ඇයි?”
4 කෙසේනමුත් රජුගේ අණට+ යටත් වීමට යෝවාබ්ට සිදු විය.+ ඔහු සෙනඟව ගණන් කිරීම සඳහා මුළු ඊශ්‍රායෙල් දේශය පුරා ගමන් කර නැවතත් යෙරුසලමට පැමිණියේය.+ 5 යෝවාබ්, සෙනඟගේ මුළු ගණන දාවිත් රජුට දැන්වීය. ඊශ්‍රායෙල් ගෝත්‍රවල සිටි යුද්ධයට දක්ෂ පුරුෂයන්ගේ ගණන එකොළොස් ලක්ෂයකි.+ යූදා ගෝත්‍රයේ යුද්ධයට දක්ෂ පුරුෂයන්ගේ ගණන හාරලක්ෂ හැත්තෑදහසකි. 6 රජු අණ කළ දේ කිරීමට යෝවාබ් අකමැති වූ නිසා ඔහු ඒ ගණනට ලෙවී+ සහ බෙන්ජමින් යන ගෝත්‍රවල සිටි සංඛ්‍යාව ඇතුළත් කළේ නැත.+
7 දාවිත් රජු කිරීමට අණ කළ දේ ගැන සැබෑ දෙවි සතුටු වූයේ නැත.+ එමනිසා ඔහු ඊශ්‍රායෙල්වරුන්ට පහර දුන්නේය. 8 එහෙයින් දාවිත් රජ සැබෑ දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම කළේ මොන තරම් මෝඩ දෙයක්ද!”+ 9 අනාගතවක්තෘවරයෙකු ලෙස දාවිත් රජු යටතේ සේවය කළ ගාද්ට+ යෙහෝවා දෙවි මෙසේ පැවසීය.+ 10 “ඔබ දාවිත් ළඟට ගොස් යෙහෝවා දෙවි වන මා පවසන මේ දේ ඔහුට කියන්න. ‘මම ඔබට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරාගන්න.+ ඔබ තෝරාගන්නා දඬුවම මම ඔබ පිටට ගෙනෙනවා.’”+ 11 පසුව ගාද්, දාවිත් රජු ළඟට පැමිණ+ මෙසේ පැවසීය. “යෙහෝවා දෙවි මේ දේ ඔබට දන්වන්න කියා මට පැවසුවා. ‘ඔබට දැන් තේරීමක් කරන්න සිදු වෙනවා. 12 ඔබ කැමති වන්නේ දේශය පුරා අවුරුදු තුනක් සාගතයක් පවතිනවාටද?+ නැත්නම් මාස තුනක් සතුරන්ගේ ප්‍රහාරවලට ලක් වෙමින් ඔවුන්ගේ අතින් ඔබේ සෙනඟ මැරුම් කනවාටද?+ එසේත් නැත්නම් ඔබ කැමති වන්නේ දවස් තුනක් පුරා යෙහෝවා දෙවිගේ කඩුවෙන් පහර කමින්+ වසංගතයකට මුහුණ දෙන්නද?+ ඔබ ඊට කැමති වුණොත් යෙහෝවා දෙවිගේ දූතයා අතින් මුළු ඊශ්‍රායෙල් දේශයටම මහත් විනාශයක් සිදු වෙයි.’+ ඔබ තෝරාගන්නේ කුමක්ද කියා දැන් මට කියන්න. මම එය ඔබ ළඟට මාව එවූ තැනැත්තාට දන්වන්නම්.” 13 එවිට දාවිත් රජ ගාද්ට මෙසේ කීවේය. “මගේ වරද නිසා සිදු වූ දේ මට දරාගන්න බැහැ. එහෙත් යෙහෝවා දෙවි දයාන්විත කෙනෙක්+ නිසා මනුෂ්‍යයන්ගෙන් පහර කනවාට වඩා+ දෙවිගෙන් දඬුවම් ලැබීම මට යහපතයි.”+
14 එහෙයින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශය පිටට මහත් වසංගතයක් ගෙනාවේය.+ එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායෙල් සෙනඟගෙන් හැත්තෑදහසක් මිය ගියෝය.+ 15 සෙනඟ මතට විනාශයක් ගෙන ඒම සඳහා සැබෑ දෙවි දේවදූතයෙකුව යෙරුසලමට යැව්වේය.+ නමුත් සිදු වී තිබූ විනාශය දුටු යෙහෝවා දෙවි දුක් වී,+ සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාට මෙසේ කීවේය. “දැන් ඇති.+ ඔබේ අත පහතට දමන්න.” ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයා සිටියේ යෙබූසිවරයෙකු වූ+ ඔර්නාන්ගේ කමත+ අසලය.
16 අහසත් පොළොවත් අතර සිටි යෙහෝවා දෙවිගේ දූතයා+ යෙරුසලම දෙසට තම කඩුව දිගු කරගෙන සිටිනවා+ දාවිත් රජ දුටුවේය. ගෝණි රෙදි+ ඇඳගෙන සිටි දාවිත් රජද වැඩිමහල්ලෝද ඒ මොහොතේම බිම දිගා වූහ.+ 17 දාවිත් රජ සැබෑ දෙවිට මෙසේ පැවසීය. “අනේ මාගේ දෙවි යෙහෝවා, සෙනඟව ගණන් කරන්න කියා අණ කළේ මමයි. ඒ නිසා වරද මගේ අතෙයි.+ බැටළුවන් වගේ ඉන්න+ මේ සෙනඟ අතේ කිසි වරදක් නැහැ. මා කළ වරදට ඔබේ සෙනඟට දඬුවම් කරන්න එපා.+ මේ වසංගතයෙන් මටයි මගේ පියාගේ පවුලේ අයටයි පහර දෙන්න.”
18 එවිට යෙහෝවා දෙවිගේ දූතයා ගාද්ට+ කතා කර යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන ලෙස දාවිත් රජුට පවසන්න කියා කීවේය.+ 19 යෙහෝවා දෙවිගේ නාමයෙන් අනාගතවක්තෘ ගාද් පැවසූ දේට කීකරු වූ දාවිත් රජ කමතට පිටත්ව ගියේය.+ 20 ඒ අවස්ථාවේදී තිරිඟු මඩිමින් සිටි ඔර්නාන්,+ කමත ළඟ සිටි දේවදූතයාව දුටුවේය. ඔර්නාන් සමඟ සිටි ඔහුගේ පුත්‍රයෝ සතරදෙනා දේවදූතයාව දැක සැඟවුණෝය. 21 දාවිත් රජු ඔර්නාන්ව හමු වීමට ගිය විට+ ඔහු විගස කමතෙන් ඇවිත් පොළොව දෙසට හිස නමා දාවිත් රජුට ආචාර කළේය. 22 දාවිත් රජ ඔහුට මෙසේ පැවසීය. “සෙනඟ අතරේ පැතිරෙන මේ වසංගතය නවතින්න නම්+ මෙතන යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්න ඕනේ. ඒ නිසා මට මේ කමත ලබා දෙන්න.+ මම ඔබට කමතේ සම්පූර්ණ වටිනාකමට අනුව මුදල් ගෙවන්නම්.”+ 23 එවිට ඔර්නාන්, දාවිත් රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔබ මේ කමත ගන්න.+ ඒ වෙනුවෙන් මට කිසි දෙයක් එපා. දවන පූජාවට අවශ්‍ය ගවයන්වත්+ මම දෙන්නම්. මෙතන තියෙන ධාන්‍ය මඩින උපකරණ+ දර+ සඳහා පාවිච්චි කරන්න. ධාන්‍ය පූජාවට අවශ්‍ය තිරිඟුත් මෙතනින් ගන්න. මේ හැම දේම මම ඔබට දෙන්නම්.”+
24 නමුත් දාවිත් රජ ඔර්නාන්ට මෙසේ කීවේය. “එහෙම කරන්න බැහැ. මට ඕනේ කමතේ වටිනාකමට අනුව සම්පූර්ණ මුදලම ගෙවලා ඔබෙන් මේක ගන්නයි.+ මම කිසි වියදමක් දරන්නේ නැතුව ඔබේ දේවල් අරගෙන යෙහෝවා දෙවිට දවන පූජාවක් ඔප්පු කරන්නේ කොහොමද?” 25 දාවිත් රජ ඔර්නාන්ට මුළු ඉඩම සඳහාම රන් ෂෙකෙල්* හයසියයක් ගෙව්වේය.+ 26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+ 27 යෙහෝවා දෙවිගේ අණ පරිදි දේවදූතයා+ තම කඩුව නැවතත් කොපුවේ දමාගත්තේය. 28 යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගේ කමතේදී තමන් කළ කන්නලව්වට යෙහෝවා දෙවි සවන් දී ඇති බව වටහාගත් දාවිත් එහි දිගටම පූජා ඔප්පු කළේය.+ 29 මෝසෙස් පාළුකරයේදී සෑදූ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමද දවන පූජා ඔප්පු කරන පූජාසනයද ඒ කාලයේදී තබා තිබුණේ ගිබියොන් නුවරෙහිය.+ 30 නමුත් යෙහෝවා දෙවිගේ දූතයාගේ කඩුවට අතිශයින් බියෙන්+ සිටි දාවිත් රජ, දෙවිගෙන් මඟ පෙන්වීම් පැතීමට එම ස්ථානයට නොගියේය.