2 ලේකම්
10 රෙහබෝවම්ව+ රජකමට පත් කිරීම සඳහා සියලු ඊශ්‍රායෙල්වරු ෂීකෙම් නුවරෙහි+ රැස් වූහ. එහෙයින් රෙහබෝවම්ද එතැනට ගියේය. 2 ඒ කාලය වන විට සලමොන් රජු වෙතින් පලා ගිය නෙබාත්ගේ පුත් යෙරොබොවම්+ පදිංචිව සිටියේ ඊජිප්තුවේය.+ රෙහබෝවම් රජකමට පත් වූ බව යෙරොබොවම්ට ආරංචි වූ විට ඔහු ඊජිප්තුවේ සිට ආපසු පැමිණියේය.+ 3 එවිට ඊශ්‍රායෙල්වරු යෙරොබොවම්වද කැඳවාගෙන ගොස් රෙහබෝවම් රජුව හමු වී ඔහුට මෙසේ පැවසුවෝය.+ 4 “ඔබේ පියා අප පිට දරාගන්න බැරි බරක් පැටෙව්වා.+ දැන් ඔබ අපිට කරුණාවන්තව සලකමින් අපේ බර+ සැහැල්ලු කරන්න. අපට පවරා තිබෙන වැඩ කොටස අඩු කරන්න කියා අපි ඔබෙන් ඉල්ලනවා. ඔබ එසේ කළොත් අපි ඔබට සැමදා සේවය කරන්න පොරොන්දු වෙනවා.”+
5 ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “මට දවස් තුනක් කල් දෙන්න. ඉන්පසු ඇවිත් මාව හමු වෙන්න.” එහෙයින් සෙනඟ එතැනින් පිටත්ව ගියෝය. 6 රෙහබෝවම් රජ තම පියා වූ සලමොන්ට උපදෙස් දුන් වැඩිමහල්ලන් ළඟට ගොස්, “ඔබ හිතන හැටියට මම මේ අයට මොන වගේ පිළිතුරක් දිය යුතුද”+ කියා ඇසුවේය.+ 7 ඔවුහු රජුට මෙසේ උපදෙස් දුන්නෝය. “ඔබ මේ සෙනඟගේ ඉල්ලීම ඉටු කර ඔවුන්ව සතුටු කරනවා නම් එයින් යහපතක් සිදු වෙයි.+ ඔවුන් ඔබට සැමදා සේවය කරයි.”+
8 නමුත් ඒ වැඩිමහල්ලන් දුන් උපදෙස් ගැන ඔහු එතරම් තැකීමක් නොකළේය.+ ඒ වෙනුවට ඔහු කුඩා කාලයේ සිටම තමන් සමඟ එකට හැදී වැඩුණු එවකට ඔහුගේ උපදේශකයන්ව සිටි+ තරුණයන්ගෙන් අදහස් විමසුවේය.+ 9 “‘ඔබේ පියා අප පිට පැටවූ බර සැහැල්ලු කරන්න’+ කියා මගෙන් ඉල්ලා සිටින මේ සෙනඟට මම මොන වගේ පිළිතුරක් දිය යුතුද”+ කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. 10 ඔහු සමඟ එකට හැදී වැඩුණු ඒ තරුණයෝ ඔහුට මෙසේ පිළිතුරු දුන්නෝය. “‘ඔබේ පියා අපිට දරාගන්න බැරි බරක් අප පිට පැටෙව්වා. දැන් ඔබ අපට කරුණාවන්තව සලකමින් ඒ බර සැහැල්ලු කරන්න’ කියා ඔබට පැවසූ ඒ අයට මෙහෙම කියන්න.+ ‘මම මගේ පියාට වඩා තදින් ක්‍රියා කරනවා.*+ 11 මගේ පියා දරාගන්න බැරි බරක් ඔබ පිට පටවන්න ඇති. නමුත් මම ඊටත් වඩා ලොකු බරක් ඔබ පිට පටවනවා.+ මගේ පියා ඔබට පහර දුන්නේ කසයෙන්. නමුත් මම ඔබට පහර දෙන්නේ දරුණු කටු ඇමුණූ කසවලිනුයි.’”+
12 “දවස් තුනකින් ඇවිත් මාව හමු වෙන්න” කියා රජු පැවසූ නිසා යෙරොබොවම් සෙනඟ සමඟ තුන්වන දින රෙහබෝවම් රජුව හමු වීමට පැමිණියේය.+ 13 රෙහබෝවම් රජ වැඩිමහල්ලන් දුන්+ උපදෙස් පිළි නොගෙන+ සෙනඟට සැරපරුෂ ලෙස කතා කළේය.+ 14 ඔහු තමා සමඟ හැදී වැඩුණු තරුණයන්ගේ උපදෙස්වලට අනුව+ සෙනඟට මෙසේ කීවේය. “ඔබ පිට තිබෙන දරාගන්න බැරි බරට මම තවත් ලොකු බරක් එකතු කරනවා. මගේ පියා ඔබට පහර දුන්නේ කසවලින්. නමුත් මම ඔබට පහර දෙන්නේ දරුණු කටු ඇමුණූ කසවලිනුයි.”+ 15 මෙසේ පවසමින් රජ සෙනඟගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සැබෑ දෙවි වන යෙහෝවා එවැනි දෙයක් සිදු වීමට ඉඩහැරියේ+ ෂීලෝහි වැසියෙකු වූ+ අහියා මාර්ගයෙන්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම්ට+ තමන් කී දේ ඉටු වන පිණිසය.+
16 රජු තම ඉල්ලීම ඉටු නොකරන බව තේරුම්ගත් ඊශ්‍රායෙල්වරු රජුට මෙසේ කීවෝය. “අපිට දාවිත්ගේ පෙළපතින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.+ යෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් ලැබෙයි කියා අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.+ දාවිත්ගේ පෙළපත දාවිත්ම බලාගත්තාවේ.”+ එසේ පවසමින් සෙනඟ ඔවුන්ගේ නිවෙස් බලා ගියෝය.
17 එහෙත් රෙහබෝවම් රජ යූදා දේශයට අයත් නුවරවල විසූ ඊශ්‍රායෙල්වරුන්ව දිගටම පාලනය කළේය.+
18 සේවයට බඳවාගත් කම්කරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර තිබූ හදොරාම්ව,+ රෙහබෝවම් රජ වැඩ බැලීමට යැවීය. එවිට ඊශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහුව මරා දැමුවෝය.+ ඊට භය වූ රෙහබෝවම් රජ අශ්ව රථයක නැඟී යෙරුසලමට පලා ගොස් තම දිවි ගලවාගත්තේය.+ 19 අද දක්වාම ඊශ්‍රායෙල්වරු දාවිත්ගේ පෙළපතට විරුද්ධව ක්‍රියා කරති.+