සංගීත අධ්‍යක්ෂක වෙතය. ගිටිත් ඇතුව ගායනා කිරීම සඳහාය.+ ආසාෆ් රචනා කළ ගීතයකි.
81 ජනයෙනි, අපේ ශක්තිය වන දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟන්න.+
යාකොබ්ගේ දෙවිට ජය නාද නඟන්න.+
2 රබානත්+ තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත්+ අතට ගෙන
ප්‍රශංසා ගීයක් වයන්න.+
3 නව සඳ පායන දවසේදීද
අපේ උත්සවය පවත්වන පුර සඳ පායන දවසේදීද+ හොරණෑ පිඹින්න.+
4 එය ඊශ්‍රායෙල්ට පනවන ලද නියෝගයකි.+
යාකොබ්ගේ දෙවි විසින් දෙන ලද පනතකි.
5 දෙවි ඊජිප්තු දේශය මැදින් ගිය බව+
සිහිගැන්වීම සඳහා ඔහු යෝසෙප්ට එම පනත දුන්නේය.+
අප නොදන්නා භාෂාවකින් කතා කරනවා අපට ඇසිණ.+
6 “ඔවුන්ගේ උරහිස මත තිබූ බර මම ඉවත් කළෙමි.+
බර කූඩ ඉසිලූ ඔවුන්ගේ දෑත්වලට නිදහස දුන්නෙමි.+
7 දුක් කරදරවලට මුහුණ දෙන විට ඔබ මට හඬගැසුවෙහිය. මම ඔබව බේරාගත්තෙමි.+
ගිගුරුම් හඬ මැදින් මම ඔබට පිළිතුරු දුන්නෙමි.+
මෙරිබාහි දිය පහර අසලදී ඔබව සෝදිසි කර බැලුවෙමි.+ සීලාහ්.
8 මාගේ ජනයෙනි, ඔබට විරුද්ධව මට පැවසීමට යමක් තිබේ. ඊට ඇහුම්කන් දෙන්න.+
ඊශ්‍රායෙල්, ඔබ මාගේ වදන්වලට සවන් දෙනවා නම් එය කොපමණ යහපත්ද!+
9 එවිට ඔබ අතරේ වෙන දෙවි කෙනෙක් නොසිටිනු ඇත.+
ඔබ වෙනත් දෙවි කෙනෙකුට නමස්කාර නොකරනු ඇත.+
10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+
ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+
ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+
11 නමුත් මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නේ නැත.+
ඊශ්‍රායෙල් මට කීකරු වීමට කිසි කැමැත්තක් දැක්වූයේ නැත.+
12 එබැවින් මුරණ්ඩු ලෙස දිගටම ක්‍රියා කිරීමට මම ඔවුන්ට ඉඩහැරියෙමි.+
ඔවුහු ඔවුන්ට රිසි පරිදි ජීවත් වුණෝය.+
13 මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්,+
ඊශ්‍රායෙල් මාගේ මාර්ගවල ගමන් කළා නම් කොතරම් යහපත්ද!+
14 ඔවුන් එසේ කළා නම් මම ඔවුන්ගේ සතුරන්ව පහසුවෙන්ම ඔවුන්ට යටත් කර දෙන්නෙමි.+
ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මම මාගේ අත ඔසවන්නෙමි.+
15 දැඩි ලෙස යෙහෝවා දෙවිට වෛර කරන අය බියෙන් වෙවුලමින් ඔහු වෙතට පැමිණෙනු ඇත.+
ඔවුහු සදහටම විනාශ වී යනු ඇත.
16 හොඳම ධාන්‍යයෙන් දෙවි ඊශ්‍රායෙල්ව පෝෂණය කරන්නේය.+
පර්වතයෙන් ගලා එන පැණිවලින් ඔහුව තෘප්තියට පමුණුවන්නේය.”+