යෙසායා
19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+
2 “එක් එක් කෙනා සමඟ ඇනකොටා ගැනීමට මම ඊජිප්තුවරුන්ව පොලඹවන්නෙමි. ඔවුහු තම තමාගේ සහෝදරයන්ටත් මිතුරන්ටත් විරුද්ධව නැඟී සිටිනු ඇත. නුවරක් නුවරකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධයට සැරසෙයි.+ 3 ඊජිප්තුවරු වියවුල් වෙති.+ මම ඔවුන්ගේ සැලසුම් අවුල් කරන්නෙමි.+ එවිට වැදගැම්මකට නැති ඔවුන්ගේ දෙවිවරුන්ගෙන්ද+ මතුරන්නන්ගෙන්ද මායාකාරයන්ගෙන්ද ශාස්ත්‍ර කියන්නන්ගෙන්ද ඔවුහු උපකාර පතන්නෝය.+ 4 මම ඊජිප්තුවරුන්ව කෲර ස්වාමියෙකුගේ අතට හසු කර දෙන්නෙමි. දරුණු රජෙක් ඔවුන්ව පාලනය කරයි.”+ එසේ පවසන්නේ සැබෑ ස්වාමීන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිය.
5 ගංගාවෙහි ජලය සිඳී යයි. ගං පතුලද වියළී යයි.+ 6 ගං පතුලෙන් දුගඳක් හමයි. ඊජිප්තුවේ නයිල් ගඟෙන් නික්මෙන ඇළදොළවල්වල වතුරද සිඳී යයි.+ බට ගස්ද+ පන් ගස්ද මැලවී යයි. 7 නයිල් ගඟ දෙපසත් එහි මෝයකට අසලත් තිබෙන තණබිම්ද කෙත්වතුද සියල්ල වියළී යයි.+ ඒ අසල වැඩෙන සියලු පැළෑටි වියළී ගොස් සුළඟට ගසාගෙන යනු ඇත. 8 මසුන් මරන්නෝ වැලපෙන්නෝය. නයිල් ගඟේ බිලී බාන්නෝද දැල් හෙළන්නෝද ළත වන්නෝය.+ 9 පිරිසිදු කළ හණ+ නූල්වලින් වියන්නෝද සුදු රෙදි වියන්නෝද කලකිරෙන්නෝය. 10 ඊජිප්තුවේ වියන්නෝ+ දුක් වෙති. වැටුපට වැඩ කරන සියල්ලෝ සුසුම්ලති.
11 ෂොවන්+ නගරයේ පාලකයෝ මෝඩයෝය. පාරාවෝගේ උපදේශකයන් අතරේ සිටින බුද්ධිමත්ම අයද මෝඩ උපදෙස් දෙති.+ එසේනම් පාරාවෝ ඉදිරියට ගොස්, “මගේ පියවරුන් බුද්ධිමත් අය” කියාද, “මම පුරාණයේ සිට පැවත ආ රජවරුන්ගේ පුත්‍රයෙක්” කියාද ඔබ කියන්නේ කෙසේද? 12 ඔබේ බුද්ධිමතුන් කොහේද? ඔවුන්ට එන්න කියන්න.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊජිප්තුව ගැන තීන්දු කළ දේ කුමක්ද කියා, ඔවුන් දන්නවා නම් එය ඔබට දන්වන්න කියන්න.+ 13 ෂොවන් නගරයේ පාලකයෝ හැසිර තිබෙන්නේ මෝඩයන් ලෙසයි.+ නොෆ්+ නගරයේ පාලකයෝ රැවටුණෝය. එහි ගෝත්‍රවල නායකයෝ+ ජනයාව අතරමං කර ඇත. 14 යෙහෝවා දෙවි ඊජිප්තුවේ වැසියන්ව වියවුලට පත් කළේය.+ නායකයන් නිසා ඔවුහු මංමුළා වී ඇත. බේබද්දෙකු වමනය දැමූ පසු වැනිවැනී ඒ මතම ඇවිදින්නේය.+ ඊජිප්තුවේ වැසියන්ද නිතරම කටයුතු කරන්නේ ඒ හා සමානවය. 15 ඊජිප්තුවේ හිස හෝ වල්ගය ලෙසත් අතු හෝ පන් ගස් ලෙසත් සිටින පුද්ගලයන් කරන කිසි දෙයක් සාර්ථක නොවෙයි.+
16 ඒ දවසේදී ඊජිප්තුවරු ස්ත්‍රීන් මෙන් බියෙන් වෙවුලති.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔවුන්ට දඬුවම් කිරීමට සූදානමින් සිටියි.+ 17 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ට විරුද්ධව තීන්දු කර ඇති දේ නිසා ඔවුහු තැතිගෙන සිටිති.+ යූදා දේශය ගැන සඳහන් කළ පමණින් ඔවුහු භයෙන් වෙවුලති.+
18 ඒ කාලයේදී ඊජිප්තු දේශයේ නගර පහක වැසියෝ+ කානාන් දේශයේ කතා කරන භාෂාව කතා කරනු ඇත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට කැප වන බවට දිවුරා පොරොන්දු+ වෙති. ඉන් එක් නගරයක්, “විනාශයට පමුණුවන නගරය” ලෙස හඳුන්වනු ලබන්නේය.
19 ඒ කාලයේදී, ඊජිප්තු දේශයේ මැද+ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා පූජාසනයක්ද ඒ දේශයේ මායිම අසල යෙහෝවා දෙවිව සිහි කරන පිණිස කණුවක්ද තිබෙනු ඇත. 20 ඊජිප්තු දේශය පුරාම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කළ දේවලට සාක්ෂියක් පිණිසද සිහිවටනයක් ලෙසද ඒවා පිහිටවනු ලදි.+ ඔවුහු තමන්ට පීඩා කරන අය නිසා යෙහෝවා දෙවිට හැඬූ කඳුළින් කන්නලව් කරන විට+ ඔහු උතුම් ගැලවුම්කරුවෙකුව ඔවුන් වෙත එවන්නේය. ඔහු නිසැකවම ඔවුන්ව ගලවාගනු ඇත.+ 21 ඊජිප්තුවරු යෙහෝවා දෙවිව දැන හඳුනා ගනිති.+ ඔවුහු යෙහෝවා දෙවි කවුරුන්ද කියා තේරුම්ගෙන ඔහුට පූජාද තෑගිද ඔප්පු කරති.+ ඔවුහු යෙහෝවා දෙවිට පොරොන්දු දී ඒ පොරොන්දු ඉටු කරති.+ 22 යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ට පහර දෙනු ඇත.+ එහෙත් පහර දුන් පසු ඔහු ඔවුන්ව සුව කරයි.+ එවිට ඔවුන් නැවත යෙහෝවා දෙවි වෙතට හැරී එන අතර+ ඔහු ඔවුන්ගේ කන්නලව්වලට සවන් දී ඔවුන්ට සුවය ලබා දෙයි.+
23 ඒ කාලයේදී ඊජිප්තුවත් ඇසිරියාවත් අතර මාර්ගයක්+ සකස් කරනු ඇත. එවිට ඇසිරියානු ජාතිකයෝ ඊජිප්තු දේශයටත් ඊජිප්තු ජාතිකයෝ ඇසිරියාවටත් යන්නෝය. ඔවුහු එක්ව දෙවිට සේවය කරති. 24 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුද ඔවුන් සමඟ එකතු වන්නෝය. ඒ ජාතීන් තුන එක්ව සේවය කරන අතර+ ඊශ්‍රායෙල්වරුන් මාර්ගයෙන් පොළොවේ සියලු වැසියෝ ආශීර්වාද ලබාගන්නෝය.+ 25 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කර+ මෙසේ පවසයි. “මගේ සෙනඟ වන ඊජිප්තුවරුන්ටත් මා නිර්මාණය කළ ඇසිරියානු ජාතිකයන්ටත්+ මගේ උරුමය වන ඊශ්‍රායෙල්වරුන්ටත් ආශීර්වාද ලැබේවා!”+