ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 41
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් 41:4

පාදසටහන්

  • *

    මූ.අ., “දේවමාලිගාවට.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:20; 2ලේක 3:8
  • +නික් 26:33

එසකියෙල් 41:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:5

එසකියෙල් 41:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:6, 10

එසකියෙල් 41:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:8
  • +එස 42:5

එසකියෙල් 41:8

හරස් යොමු දැක්වීම්

  • +එස 40:5

එසකියෙල් 41:10

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:12

එසකියෙල් 41:12

පාදසටහන්

  • *

    එනම්, ඇතුල් මළුවේ.

එසකියෙල් 41:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 3:8; එස 41:4

එසකියෙල් 41:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:4
  • +1රාජා 6:15; 2ලේක 3:5

එසකියෙල් 41:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:29; 7:36; 2ලේක 3:7
  • +එස 40:16
  • +එස 10:14

එසකියෙල් 41:19

හරස් යොමු දැක්වීම්

  • +එස 1:10; එළි 4:7

එසකියෙල් 41:21

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:33

එසකියෙල් 41:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:1; 1රාජා 7:48; 2ලේක 4:19; එළි 8:3
  • +එස 44:16; මලා 1:7

එසකියෙල් 41:23

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:32; 2ලේක 4:22

එසකියෙල් 41:25

හරස් යොමු දැක්වීම්

  • +එස 41:18

එසකියෙල් 41:26

හරස් යොමු දැක්වීම්

  • +එස 40:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 41:41රාජා 6:20; 2ලේක 3:8
එස. 41:4නික් 26:33
එස. 41:51රාජා 6:5
එස. 41:61රාජා 6:6, 10
එස. 41:71රාජා 6:8
එස. 41:7එස 42:5
එස. 41:8එස 40:5
එස. 41:101ලේක 28:12
එස. 41:152ලේක 3:8; එස 41:4
එස. 41:161රාජා 6:4
එස. 41:161රාජා 6:15; 2ලේක 3:5
එස. 41:181රාජා 6:29; 7:36; 2ලේක 3:7
එස. 41:18එස 40:16
එස. 41:18එස 10:14
එස. 41:19එස 1:10; එළි 4:7
එස. 41:211රාජා 6:33
එස. 41:22නික් 30:1; 1රාජා 7:48; 2ලේක 4:19; එළි 8:3
එස. 41:22එස 44:16; මලා 1:7
එස. 41:231රාජා 6:32; 2ලේක 4:22
එස. 41:25එස 41:18
එස. 41:26එස 40:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 41:1-26

එසකියෙල්

41 ඔහු ඊළඟට මාව දේවමාලිගාව ඇතුළට ගෙනාවේය. ඔහු ඊට ඇතුල් වන ස්ථානය දෙපස පිහිටි කණු දෙක මැන්නේය. එම කණු දෙකේම දිග රියන් හය බැගින් විය. 2 ශුද්ධස්ථානයට ඇතුල් වන දොරටුවේ පළල රියන් දහයකි. එම දොරටුව දෙපස තිබෙන කොටස්වල පළල රියන් පහ බැගින් විය. ඔහු දොරටුවෙන් ඇතුල් වී ශුද්ධස්ථානයේ අභ්‍යන්තරයද මැන්නේය. එහි දිග රියන් හතළිහක්ද පළල රියන් විස්සක්ද විය.

3 ඔහු තවත් ඇතුළට ගොස් අතිශුද්ධස්ථානයට ඇතුල් වන ස්ථානයේ දෙපස පිහිටි බිත්ති දෙක ළඟ තිබූ කණු දෙක මැන්නේය. ඒ කණුවල ගනකම රියන් දෙකකි. එහි දෙපස තිබුණු බිත්ති දෙකෙහි දිග රියන් හත බැගින් විය. ඒ බිත්ති දෙක අතර පිහිටි දොරටුවේ පළල රියන් හයකි. 4 ඉන්පසුව ඔහු දොරටුවෙන් ඇතුල් වී එම ස්ථානය මැන්නේය. එහි දිග රියන් විස්සක් විය. ශුද්ධස්ථානයට* යාබදව තිබූ කෙළවරේ සිට ඔහු එහි පළල මැන්නේය. එයද රියන් විස්සක් විය.+ එවිට ඔහු, “මෙයයි අතිශුද්ධස්ථානය”+ කියා මට පැවසීය.

5 ඔහු ඊළඟට දේවමාලිගාව වටේ තිබූ බිත්තිය මැන්නේය. එහි ගනකම රියන් හයකි. ඒ බිත්තියටම සම්බන්ධ කර කාමර ගණනාවක්ම තනා තිබිණ. එක් කාමරයක දිග රියන් හතරකි. ඒ කාමර දේවමාලිගාවේ බිත්තිය වටේටම ඉදි කර තිබිණ.+ 6 මෙම කාමර ඉදි කර තිබුණේ එක පිට එක තට්ටු තුනක් සිටින සේය. එක තට්ටුවක කාමර තිහක් තිබිණ. එම කාමර දේවමාලිගාව වටා ඉදි කර තිබිණ. ඒවා දේවමාලිගාවේ බිත්තියට යම් ආකාරයකින් සම්බන්ධ වී තිබුණත් ඒවා බිත්තියට නොවැදෙන සේ පිහිටා තිබිණ.+ කාමර එසේ ඉදි කරන ලද්දේ ඒවායේ සවිශක්තිය සඳහාය. 7 දේවමාලිගාව වටා පිහිටි මෙම කාමරවල පළල තට්ටුවෙන් තට්ටුවට ඉහළ යද්දී වැඩි විය. ඒ කාමරවලට නැඟීම සඳහා වක්‍රාකාර තරප්පු පෙළක් ඉදි කර තිබිණ.+ මෙම තරප්පු පෙළ ආධාරයෙන් පහළ තට්ටුවේ සිට මැද තට්ටුව හරහා තුන්වන තට්ටුවට නැඟීමට හැකි විය.+

8 දේවමාලිගාව තනා තිබුණේ උස් වේදිකාවක් මතය. දේවමාලිගාව වටා පිහිටි කාමරවල අත්තිවාරමද දමා තිබුණේ එම වේදිකාව මතය. එම වේදිකාවේ උස රියන් හයකින් යුත් දණ්ඩේ දිගට සමාන විය.+ 9 දේවමාලිගාව වටා පිහිටි කාමරවල පිටත බිත්තියේ ගනකම රියන් පහකි. වේදිකාවේ කෙළවරේ සිට එම බිත්තියේ කෙළවර දක්වා හිස් තීරයක් තිබිණ.

10 දේවමාලිගාව පිහිටා තිබූ මෙම වේදිකාවේ සිට දේවමාලිගාව දෙපස තිබූ භෝජන ශාලා+ අතර දුර ප්‍රමාණය රියන් විස්සකි. 11 දේවමාලිගාව වටා පිහිටි කාමරවලට ඇතුල් වීම සඳහා වේදිකාවේ හිස් තීරයට සම්බන්ධ කර පඩි පෙළවල් දෙකක් සවි කර තිබිණ. එක් පඩි පෙළක් පිහිටා තිබුණේ උතුරු දෙසින්ය. අනික තිබුණේ දකුණු දෙසින්ය. වේදිකාවේ හිස් තීරයේ පළල රියන් පහකි.

12 දේවමාලිගාව වටා පිහිටි බිම් තීරයේ* බටහිර දෙසට ගොඩනැඟිල්ලක් ඉදි කර තිබිණ. එහි පළල රියන් හැත්තෑවකි. එහි දිග රියන් අනූවකි. එම ගොඩනැඟිල්ලෙහි බිත්තියේ ගනකම රියන් පහකි.

13 ඔහු ඊළඟට දේවමාලිගාවේ දිග මැන්නේය. එය රියන් සියයකි. ඉන්පසුව බටහිර දෙසින් පිහිටි ගොඩනැඟිල්ලේ පිටුපස බිත්තියේ සිට ඊට යාබදව පිහිටි බිම් තීරයේ කෙළවර දක්වා ඇති දුර මැන්නේය. ඒ දුර ප්‍රමාණය රියන් සියයකි. 14 නැඟෙනහිරට මුහුණ ලා පිහිටි දේවමාලිගාවේ ඉදිරිපස කොටසේ පළලද ඒ දෙපස පිහිටි බිම් තීරවල පළලද එකට එකතු කළ විට මුළු පළල රියන් සියයක් විය.

15 දේවමාලිගාවට පිටුපසින් තිබූ බිම් තීරය ඉදිරිපිට සිට, ඊට පිටුපසින් තිබූ ගොඩනැඟිල්ලේ පළලද එහි දෙපස තිබූ ඉස්තෝප්පුවල පළලද ඔහු මැන්නේය. එහි මුළු පළල රියන් සියයක් විය.

ඉන්පසුව ඔහු දේවමාලිගාවේ අතිශුද්ධස්ථානයද+ ශුද්ධස්ථානයද මළුවට මුහුණ ලා පිහිටි පිවිසුම් ශාලාවද මැන්නේය. 16 ඔහු එම කාමර තුනට පිවිසෙන ස්ථානද ඒවාට යාබදව පිහිටි පටු ශාලාද ඇතුල් පැත්තේ සිට පිට පැත්ත දක්වා ක්‍රමක්‍රමයෙන් පටු වී යන ආකාරයට සෑදූ ඒවායේ කවුළුද+ මැන්නේය. එම පිවිසෙන ස්ථානවල බිත්තිවලට ලෑලි අල්ලා තිබිණ.+ ඒවා බිම් මට්ටමේ සිට ඉහළින් පිහිටි කවුළු දක්වා අල්ලා තිබුණේය. ඒ කවුළුවලට පියන්ද සවි කර තිබිණ. 17 දේවමාලිගාවට ඇතුල් වන ස්ථානයේ දොරටුවට ඉහළින් පිහිටි කොටසද අතිශුද්ධස්ථානයද ඒ වටා පිහිටි බිත්තිද ඉන් පිටත තිබූ ස්ථානයද නිසියාකාර මිමිවලට අනුව සාදා තිබිණ. 18 දේවමාලිගාවේ ඇතුළත බිත්තිවල කෙරුබ්වරුන්ගේ+ හා තාල ගස්වල රූප කැටයම් කර තිබිණ.+ ඒවා කැටයම් කර තිබුණේ කෙරුබ්වරුන් දෙදෙනෙකු අතර තාල ගසක් බැගින් පිහිටන ලෙසය. සෑම කෙරුබ්වරයෙකුටම මුහුණු දෙකක් තිබිණ.+ 19 එක මුහුණක් මිනිසෙකුගේ මුහුණක්ය. අනික තරුණ කේශර සිංහයෙකුගේ මුහුණක්ය.+ එක මුහුණක් එක් පැත්තක පිහිටි තාල ගස දෙසටත් අනික් මුහුණ අනික් පැත්තේ පිහිටි තාල ගස දෙසටත් හැරී තිබිණ. මෙම රූප දේවමාලිගාවේ ඇතුල් බිත්ති පුරාම කැටයම් කර තිබිණ. 20 ඒ රූප බිම් මට්ටමේ සිට ඉහළටම කැටයම් කර තිබිණ. ඒවා ඇතුල් වීමේ දොරටුවේ උළුවස්සේ සිට ඉහළටත් කැටයම් කර තිබිණ.

21 දේවමාලිගාවේ දොරටුවට දමා තිබුණේ හතරැස් හැඩැති උළුවහුය.+ අතිශුද්ධස්ථානයේ දොරටුව ඉදිරියෙන්ම යමක් දක්නට ලැබිණ. 22 එය ලීයෙන් සාදන ලද හතරැස් පූජාසනයකි. එහි උස රියන් තුනක්ද දිග රියන් දෙකක්ද විය. එහි හතර පැත්තේම කණු සාදා තිබිණ.+ “මෙය යෙහෝවා දෙවි ඉදිරියෙහි තබා තිබෙන මේසයයි”+ කියා ඔහු මට පැවසීය.

23 ශුද්ධස්ථානයට ඇතුල් වන ස්ථානයේද අතිශුද්ධස්ථානයට ඇතුල් වන ස්ථානයේද දොරටු දෙක බැගින් තිබිණ.+ 24 ඒ එක් එක් දොරකට පියන් දෙක බැගින් තිබිණ. එමනිසා එම දොරවල් හැකිළීමට පුළුවන් විය. 25 දේවමාලිගාවේ ඇතුල් බිත්තිවල කැටයම් කර තිබූ කෙරුබ්වරුන්ගේ හා තාල ගස්වල රූප මෙම දොර පියන්වලත් කැටයම් කර තිබිණ.+ මීට අමතරව දේවමාලිගාවේ පිවිසුම් ශාලාවට ඉදිරියෙන් පිහිටි දොරටුවට ඉහළින් පිටතට නෙරා ගිය ලී රාමුවක් සවි කර තිබිණ. 26 මෙම රාමුව දේවමාලිගාව වටාද සවි කර තිබිණ. ඒ රාමුවට යටින් දේවමාලිගාව වටා කවුළු පිහිටා තිබිණ. මෙම කවුළු සකස් කර තිබුණේ බිත්තියේ ඇතුල් පැත්තේ සිට පිට පැත්ත දක්වා ක්‍රමක්‍රමයෙන් පටු වී යන ආකාරයටය.+ දේවමාලිගාව වටා සවි කර තිබූ රාමුව මතද පිවිසුම් ශාලාවේ දොරටු දෙපසද දේවමාලිගාව වටේ සාදා තිබූ කාමරවල බිත්තිවලද තාල ගස්වල රූප කැටයම් කර තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න