ද්විතීය කතාව 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔබේ දෙවි වන යෙහෝවා අණ කළ දේ ඔබ පිළිපැදිය යුතුයි. ඒ දේ කරන්න නම් ඔබ දෙවිට ගරුබිය+ දක්වන්නත් දෙවි දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්නත් අවශ්‍යයි.+ විනිශ්චයකරුවෝ 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද ඔවුන් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට දෙවි කෙරෙහි වූ විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත.+ ඊශ්‍රායෙල්වරුන් තම පියවරුන් කළාක් මෙන් යෙහෝවා දෙවි වන මා පවසන දේට කීකරු වෙයිද නැත්නම් මාව අත්හරියිද කියා එමගින් දැකගැනීමට හැකි වන්නේය.” ගීතාවලිය 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ධර්මිෂ්ඨකම් කරමින්+ නිර්දෝෂ ජීවිතයක් ගත කරන,+සිතින් සත්‍යය පවසන තැනැත්තාටය.+ හිතෝපදේශ 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට දෙන පිණිස දෙවි තම වස්තු ගබඩාවේ ප්‍රඥාව* සුරැකිව තබාගන්නේය.+ විශ්වාසවන්තව කටයුතු කරන අයට ඔහු පලිහක් මෙන් වන්නේය.+ මීකා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි. කොලොස්සි 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ. 1 තෙසලෝනික 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේ කළේ තම රාජ්‍යය ලබා දීමටත්+ තම තේජස ලබා දීමටත් ඔබව කැඳවූ+ දෙවිට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය දිගටම ගත කිරීමට හැකි වීම සඳහාය.+ 3 යොහන් 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත.+
6 “ඔබේ දෙවි වන යෙහෝවා අණ කළ දේ ඔබ පිළිපැදිය යුතුයි. ඒ දේ කරන්න නම් ඔබ දෙවිට ගරුබිය+ දක්වන්නත් දෙවි දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්නත් අවශ්‍යයි.+
22 මන්ද ඔවුන් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට දෙවි කෙරෙහි වූ විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත.+ ඊශ්‍රායෙල්වරුන් තම පියවරුන් කළාක් මෙන් යෙහෝවා දෙවි වන මා පවසන දේට කීකරු වෙයිද නැත්නම් මාව අත්හරියිද කියා එමගින් දැකගැනීමට හැකි වන්නේය.”
7 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට දෙන පිණිස දෙවි තම වස්තු ගබඩාවේ ප්‍රඥාව* සුරැකිව තබාගන්නේය.+ විශ්වාසවන්තව කටයුතු කරන අයට ඔහු පලිහක් මෙන් වන්නේය.+
8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.
10 එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ.
12 එසේ කළේ තම රාජ්‍යය ලබා දීමටත්+ තම තේජස ලබා දීමටත් ඔබව කැඳවූ+ දෙවිට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය දිගටම ගත කිරීමට හැකි වීම සඳහාය.+