උත්පත්ති 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට යෙහෝවා දෙවි ආබ්‍රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්‍රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය. උත්පත්ති 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+ උත්පත්ති 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි. උත්පත්ති 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊට ඉහළින් යෙහෝවා දෙවි සිටින බවත් ඔහු දුටුවේය.+ දෙවි කතා කරමින් මෙසේ කීවේය. “මා යෙහෝවා දෙවිය. මා ඔබේ පියා වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද දෙවිය.+ ඔබ දැන් නිදා සිටින ස්ථානය හා මේ දේශය මම ඔබටත් ඔබෙන් පැවතෙන අයටත් දෙන්නෙමි.+
7 එවිට යෙහෝවා දෙවි ආබ්‍රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්‍රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.
8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+
3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි.
13 ඊට ඉහළින් යෙහෝවා දෙවි සිටින බවත් ඔහු දුටුවේය.+ දෙවි කතා කරමින් මෙසේ කීවේය. “මා යෙහෝවා දෙවිය. මා ඔබේ පියා වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද දෙවිය.+ ඔබ දැන් නිදා සිටින ස්ථානය හා මේ දේශය මම ඔබටත් ඔබෙන් පැවතෙන අයටත් දෙන්නෙමි.+