ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 24:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඔබ සිහින් පිටිවලින් මුද්දක හැඩැති රොටි දොළහක් සාදාගන්න. ඒ එක් එක් රොටිය සඳහා සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් භාවිත කරන්න.

  • 1 සාමුවෙල් 21:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එදින යෙහෝවා දෙවි ඉදිරියේ අලුත් රොටි තබන පිණිස පරණ රොටි ඉවත් කර තිබිණ.+ එබැවින් පූජකයා ඒ රොටි දාවිත්ට දුන්නේය. මන්ද දෙවි ඉදිරියේ පිදූ රොටි+ හැර ඔවුන්ට කන්න දීමට වෙන කිසිවක් ඔහු ළඟ තිබුණේ නැත.

  • 1 ලේකම් 9:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔවුන්ගේ සහෝදරයන් වූ කෝහාත්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙකුට සෑම සබත් දවසකදීම+ දෙවි ඉදිරියේ තබන රොටි පිළියෙල කිරීමේ කාර්යය භාර දෙන ලදි.+

  • 2 ලේකම් 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් සෑම දිනකම උදේ හවස යෙහෝවා දෙවිට දවන පූජා+ සහ සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරනවා. පවිත්‍ර රනින් සෑදූ මේස මත දෙවි ඉදිරියේ රොටි තබනවා.+ ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙවිගේ ගෘහයේ තිබෙන රන් පහන් රුක්වල+ පහන් සෑම සවසකම දල්වනවා.+ අපි මේ දේවල් කරන්නේ අපේ දෙවි යෙහෝවාගේ ආඥාවලට කීකරු වීමක් හැටියටයි.+ නමුත් ඔබ දෙවිව අත්හැර දෙවිගේ ආඥාවලට පිටු පෑවා.+

  • මතෙව් 12:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු දෙවිගේ ගෘහයට ඇතුල් වී පූජකයන්ට මිස+ තමාටවත් තමා සමඟ සිටි අයටවත් කෑමට අවසර නොතිබූ+ පිදීමේ රොටි කෑ බව+ ඔබට මතක නැද්ද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න