31 හෙසකියා රජ ඔවුන්ට මෙසේ පැවසුවේය. “දැන් ඔබ යෙහෝවා දෙවිට සේවය කරන්න සූදානම්.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයට ස්තුති පූජා+ සහ වෙනත් පූජා+ රැගෙන යන්න.” එවිට රැස්ව සිටි සියලුදෙනාම ස්තුති පූජාද වෙනත් පූජාද ගෙනාවෝය. දවන පූජා+ ඉදිරිපත් කිරීමට සතුටු වූ අය ඒවා ගෙනාවෝය.