ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 69:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+

      ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+

  • දානියෙල් 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+

  • ෆිලිප්පි 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එමෙන්ම ඒ ස්ත්‍රීන්ට දිගටම උපකාර කරන ලෙස සැබෑ හවුල් සේවකයන්+ වන ඔබෙන් ඉල්ලා සිටිමි. ක්ලෙමන්ට් සහ මා සමඟ එකට සේවය කළ අනික් අය+ මෙන් ඔවුහු මා සමඟ උරෙන් උර ගැටී+ ශුභාරංචිය වෙනුවෙන් නිරතුරුවම වෙහෙස මහන්සි වී වැඩ කළෝය. ඔවුන් සියලුදෙනාගේම නම්+ ජීවන ලියවිල්ලෙහි*+ සටහන් වී ඇත.

  • එළිදරව් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජය ගන්නා+ තැනැත්තාට එලෙස සුදු වස්ත්‍ර පළඳවනු ලැබේ.+ මම ඔහුගේ නම ජීවන ලියවිල්ලෙන් කිසි ලෙසකින්වත් මකා නොදමන්නෙමි.+ මාගේ පියාණන්+ ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත්+ ඒ තැනැත්තාගේ නාමය පිළිගන්නා බව ප්‍රකාශ කරන්නෙමි.

  • එළිදරව් 17:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ දුටු මෘගයා කලින් සිටියේය.+ දැන් නැත. නමුත් ඌ ඉදිරියේදී අගාධයෙන් පිටතට නැඟී ඒමට සූදානමින් සිටියි.+ එලෙසම ඌ විනාශ වනු ඇත. ඒ මෘගයා කලින් සිටි අයුරුත් ඌ නැති වී ගිය අයුරුත් ඉදිරියේදී පැමිණෙන අයුරුත් පොළොවේ වාසය කරන අය දකින විට ඔවුහු පුදුම වී ඌට ගෞරවය දෙන්නෝය. නමුත් පොළොවේ දරුවන් බිහි වූ දා* පටන්+ පිළියෙල කර තිබෙන ජීවන ලියවිල්ලෙහි+ ඔවුන්ගේ නම් සටහන් වී නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න