උත්පත්ති 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු දෙවි ආබ්‍රම්ට මෙසේ කීවේය. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි.+ ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.+ නික්මයාම 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.+ ගණන් කතාව 20:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපේ පියවරුන් ඊජිප්තු දේශයට ගිය නිසා+ දීර්ඝ කාලයක් අපි ජීවත් වුණේ ඒ දේශයේයි.+ අපේ පියවරුන්ටයි අපටයි ඊජිප්තුවරු බොහෝ සෙයින් හිංසා පීඩා කළෝය.+ ද්විතීය කතාව 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් අපට කුරිරු ලෙස හිරිහැර කළ ඊජිප්තුවරුන් අපව වහල්කමට ගත්තා.+ ක්‍රියා 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඊජිප්තුවේ සිටින මගේ සෙනඟට මුහුණ දෙන්න සිදු වන අසාධාරණකම් මම දුටුවෙමි.+ ඔවුන් සුසුම්ලන ආකාරයත් මට ඇසිණ.+ එමනිසා මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ ඒ සඳහා මම දැන් ඔබව ඊජිප්තුවට යවන්නෙමි.’+
13 ඉන්පසු දෙවි ආබ්‍රම්ට මෙසේ කීවේය. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි.+ ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.+
7 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.+
15 අපේ පියවරුන් ඊජිප්තු දේශයට ගිය නිසා+ දීර්ඝ කාලයක් අපි ජීවත් වුණේ ඒ දේශයේයි.+ අපේ පියවරුන්ටයි අපටයි ඊජිප්තුවරු බොහෝ සෙයින් හිංසා පීඩා කළෝය.+
34 ඊජිප්තුවේ සිටින මගේ සෙනඟට මුහුණ දෙන්න සිදු වන අසාධාරණකම් මම දුටුවෙමි.+ ඔවුන් සුසුම්ලන ආකාරයත් මට ඇසිණ.+ එමනිසා මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ ඒ සඳහා මම දැන් ඔබව ඊජිප්තුවට යවන්නෙමි.’+