ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+

  • ද්විතීය කතාව 31:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “තව කෙටි කලකින් ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබත් මිය යනු ඇත.+ ඔබේ මරණයෙන් පසු මේ ජාතිය අනිවාර්යයෙන්ම මාව අත්හැර+ මා සමඟ ඇති කළ ගිවිසුමද කඩ කරන්නෝය.+ ඔවුහු තමන් යන දේශයේ ජීවත් වන මිනිසුන් අදහන බොරු දෙවිවරුන්ව අදහමින් සියල්ලන් ඉදිරියේ ඉතා පිළිකුල්සහගත දේවල් කරන්නෝය.+

  • යෙරෙමියා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ වදන්වලට කිසිසේත් ඇහුම්කන් නොදී වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ+ ඔවුන්ගේ මුතුන්මිත්තන් ගිය වැරදි මාර්ගයටම ඔවුහුද හැරී ගියෝය.+ මුතුන්මිත්තන් සමඟ මා ඇති කරගත් ගිවිසුම ඊශ්‍රායෙල් හා යූදා සෙනඟ කඩ කළෝය.+

  • හෙබ්‍රෙව් 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් එය ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මා ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී+ ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවෙයි.+ මන්ද ඔවුන් මාගේ ගිවිසුමට විශ්වාසවන්තව සිටියේ නැත.+ එහෙයින් මා ඔවුන් ගැන තවදුරටත් සැලකිල්ල දැක්වූයේද නැත’ කියා යෙහෝවා දෙවි පවසයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න