14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+