2 රාජාවලිය 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+ 2 ලේකම් 36:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ නිසා දෙවි ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය.+ ඔහු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවෙහිදීම+ මරා දැමීය.+ තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය.+ මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය. නෙහෙමියා 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම රජ්ජුරුවන්ට මෙසේ පැවසුවෙමි. “රජ්ජුරුවනි, ඔබ සදහටම ජීවත් වේවා!+ මා දුකින් සිටින්නේ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින+ නුවරට+ සිදු වී ඇති දේ නිසයි. එය විනාශ වෙලා. එහි දොරටු ගින්නෙන් පිලිස්සී ගිහින්.”+ යෙසායා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ දේශය පාළුවට ගොස්+ ඔබේ නගර ගිනිබත් වී ඇත.+ විදේශිකයෝ+ ඔබේ ඇස් පනාපිටම ඔබේ දේශය නැති නාස්ති කළෝය.+ එය සතුරු ආක්‍රමණයට හසු වී පාළුවට ගිය දේශයක් මෙනි.+ යෙරෙමියා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ජාතීන් වනසා දමන තැනැත්තා,+ වනයෙන් නික්ම එන රෞද්‍ර සිංහයෙකු මෙන් පැමිණෙන්නේය.+ ඔබේ දේශය විනාශ කර දමන පිණිස ඔහු නික්ම එන්නේය. ඒ විනාශය දැක සියලුදෙනා මවිතයට පත් වන්නෝය. කිසිවෙකු ඉතුරු නොවන සේ ඔබේ නුවරවල් සියල්ල ඔහු නටබුන් කරන්නේය.”+
9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+
17 ඒ නිසා දෙවි ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය.+ ඔහු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවෙහිදීම+ මරා දැමීය.+ තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය.+ මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය.
3 මම රජ්ජුරුවන්ට මෙසේ පැවසුවෙමි. “රජ්ජුරුවනි, ඔබ සදහටම ජීවත් වේවා!+ මා දුකින් සිටින්නේ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින+ නුවරට+ සිදු වී ඇති දේ නිසයි. එය විනාශ වෙලා. එහි දොරටු ගින්නෙන් පිලිස්සී ගිහින්.”+
7 ඔබේ දේශය පාළුවට ගොස්+ ඔබේ නගර ගිනිබත් වී ඇත.+ විදේශිකයෝ+ ඔබේ ඇස් පනාපිටම ඔබේ දේශය නැති නාස්ති කළෝය.+ එය සතුරු ආක්‍රමණයට හසු වී පාළුවට ගිය දේශයක් මෙනි.+
7 ජාතීන් වනසා දමන තැනැත්තා,+ වනයෙන් නික්ම එන රෞද්‍ර සිංහයෙකු මෙන් පැමිණෙන්නේය.+ ඔබේ දේශය විනාශ කර දමන පිණිස ඔහු නික්ම එන්නේය. ඒ විනාශය දැක සියලුදෙනා මවිතයට පත් වන්නෝය. කිසිවෙකු ඉතුරු නොවන සේ ඔබේ නුවරවල් සියල්ල ඔහු නටබුන් කරන්නේය.”+