ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළ යුත්තේ මේ ආකාරයටය.

  • ද්විතීය කතාව 10:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යෙහෝවා දෙවි ලෙවී ගෝත්‍රය+ විශේෂ සේවයක් සඳහා වෙන් කළේ ඒ කාලයේදීයි. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන යෑමත්+ යෙහෝවා දෙවි ඉදිරියේම සේවය කිරීමත්+ දෙවිගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කිරීමත් ඔවුන්ගේ වගකීම්වලට අයත් වුණා.+ ඔවුන් අද දක්වාම එම කාර්යයන්වල නිරත වෙමින් සිටිනවා.

  • ද්විතීය කතාව 21:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඉන්පසුව ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි.

  • 1 ලේකම් 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අම්රාම්ගේ පුත්‍රයන් නම් ආරොන්+ සහ මෝසෙස්ය.+ ආරොන්ව විශේෂයෙන්ම තෝරාගත්තේ+ අතිශුද්ධස්ථානයේ+ පරිශුද්ධ සේවයක් පිරිනැමීම සඳහාය. මෙය ඔහුට සහ ඔහුගේ පුත්‍රයන්ට සදහටම පැවරුණු වගකීමකි. ඔවුන්ගේ වගකීමට අයත් වූයේ යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීමත්+ දෙවි ඉදිරියේ විවිධ සේවාවන් ඉටු කිරීමත්+ දෙවිගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කිරීමත්ය.+

  • ලූක් 24:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 යේසුස් ඔවුන් සමඟ බෙතානිය දක්වා ගොස් තම අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළේය.+

  • ක්‍රියා 3:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 දෙවි තම සේවකයාව පත් කළ පසු ඔහුව මුලින්ම එව්වේ ඔබ ළඟටයි.+ එසේ කළේ ඔබ සියලුදෙනාව තම තමන්ගේ දුෂ්ට ක්‍රියාවලින් මුදාගෙන ඔබට ආශීර්වාද ලබා දීම සඳහායි.”

  • හෙබ්‍රෙව් 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මෙහිදී සුළු තැනැත්තාට උතුම් තැනැත්තාගේ ආශීර්වාද ලැබුණු බවට කිසි සැකයක් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න