ගණන් කතාව 20:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “මෙරිබාහි වතුර ළඟදී ඔබ දෙදෙනා මා දුන් ආඥාවට විරුද්ධව ක්‍රියා කළ බැවින්+ ඊශ්‍රායෙල් සෙනඟට දෙන දේශයට ආරොන් ඇතුල් නොවන්නේය. ඔහුගේ ආදිපියවරුන් මෙන් ඔහුද මිය යනු ඇත.+ ගණන් කතාව 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මෝසෙස්, ආරොන් ඇඳ සිටි නිලවස්ත්‍ර ගලවා ඔහුගේ පුත්‍රයා වන එලියාසර්ට ඇන්දුවේය. ආරොන්ද කන්ද මුදුනේදී මිය ගියේය.+ පසුව මෝසෙස් හා එලියාසර් කන්දෙන් බැස ආවෝය. ගණන් කතාව 33:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි අණ කළ පරිදි පූජක ආරොන් හෝර් කන්දට ගියේය. ඒ වන විට ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තු දේශයෙන් පිටත්ව ඇවිත් අවුරුදු හතළිහක් ගත වී තිබිණ. ඒ හතළිස්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ පළමුවෙනිදා ආරොන් හෝර් කන්දේදී මිය ගියේය.+ ද්විතීය කතාව 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඉන්පසුව බෙයේරොත් බෙනෙ-යායකන්හි+ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟ ගමන් කළේ මොසේරා නම් ස්ථානයටයි. ආරොන් මිය ගියේ එම ස්ථානයේදීයි. ඔහුව එහි තැන්පත් කළායින් පසු+ ඔහු වෙනුවට ඔහුගේ පුත් එලියාසර් උත්තම පූජකයා හැටියට සේවය කරන්න පටන්ගත්තා.+ ද්විතීය කතාව 32:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඒ දේශය දැකගත් පසු ඔබ ඒ කන්දේදීම මිය යනු ඇත.+ ඔබේ සහෝදර ආරොන් හෝර් කන්දේදී මිය ගිය ලෙසම+ ඔබත් ඔබේ මුතුන්මිත්තන් මෙන් මිය යනු ඇත.
24 “මෙරිබාහි වතුර ළඟදී ඔබ දෙදෙනා මා දුන් ආඥාවට විරුද්ධව ක්‍රියා කළ බැවින්+ ඊශ්‍රායෙල් සෙනඟට දෙන දේශයට ආරොන් ඇතුල් නොවන්නේය. ඔහුගේ ආදිපියවරුන් මෙන් ඔහුද මිය යනු ඇත.+
28 මෝසෙස්, ආරොන් ඇඳ සිටි නිලවස්ත්‍ර ගලවා ඔහුගේ පුත්‍රයා වන එලියාසර්ට ඇන්දුවේය. ආරොන්ද කන්ද මුදුනේදී මිය ගියේය.+ පසුව මෝසෙස් හා එලියාසර් කන්දෙන් බැස ආවෝය.
38 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි අණ කළ පරිදි පූජක ආරොන් හෝර් කන්දට ගියේය. ඒ වන විට ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තු දේශයෙන් පිටත්ව ඇවිත් අවුරුදු හතළිහක් ගත වී තිබිණ. ඒ හතළිස්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ පළමුවෙනිදා ආරොන් හෝර් කන්දේදී මිය ගියේය.+
6 “ඉන්පසුව බෙයේරොත් බෙනෙ-යායකන්හි+ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟ ගමන් කළේ මොසේරා නම් ස්ථානයටයි. ආරොන් මිය ගියේ එම ස්ථානයේදීයි. ඔහුව එහි තැන්පත් කළායින් පසු+ ඔහු වෙනුවට ඔහුගේ පුත් එලියාසර් උත්තම පූජකයා හැටියට සේවය කරන්න පටන්ගත්තා.+
50 ඒ දේශය දැකගත් පසු ඔබ ඒ කන්දේදීම මිය යනු ඇත.+ ඔබේ සහෝදර ආරොන් හෝර් කන්දේදී මිය ගිය ලෙසම+ ඔබත් ඔබේ මුතුන්මිත්තන් මෙන් මිය යනු ඇත.