ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ඔබ ප්‍රීතියෙන් සිටින අවස්ථාවලදීද+ උත්සවයන් පවත්වන කාලයේදීද+ සෑම මාසයකම ආරම්භයේදීද+ හොරණෑ පිඹින්න. ඔබ හොරණෑ පිඹිය යුත්තේ දවන පූජා+ හා හවුල් පූජා+ ඔප්පු කරන ස්ථානය අසල සිටයි. ඔබේ දෙවි ඔබව සිහි කරන පිණිස ඔබ එලෙස හොරණෑ පිඹින්න. මම ඔබේ දෙවි වන යෙහෝවාය.”+

  • 1 ලේකම් 23:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 සබත් දවස්වලදීත්+ නව සඳ+ පායන දවස්වලදීත් උත්සව පවත්වන කාලවලදීත්+ යෙහෝවා දෙවිට දවන පූජා ඔප්පු කළ විට ඔවුහු ඊට සහය වූහ. මෙසේ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ නිරතුරුවම සේවය කළෝය. ඒ ඒ කාර්යයන් සඳහා ලෙවීවරුන් නියමිත සංඛ්‍යාවක් යොදවා තිබූ අතර ඔවුහු ඔවුන්ට ලබා දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව සියලුම සේවාවන් ඉටු කළෝය.

  • 2 ලේකම් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දැන් මම මගේ දෙවි වන යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීමේ අරමුණින්+ ගෘහයක් ගොඩනඟමින් සිටිනවා.+ එම ගෘහය දෙවිට කරන නමස්කාරය වෙනුවෙන්ම වෙන් කරනු ලබනවා.+ එමෙන්ම දෙවි ඉදිරියේ නිරතුරුවම සුවඳ ද්‍රව්‍ය දැවීමටත්+ රොටි ඔප්පු කිරීමටත්+ උදේ සවස+ හා සබත් දවස්වලදීද+ නව සඳ පායන දවස්වලදී+ හා අපගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් උත්සව පවත්වන දවස්වලදීද+ එහි දවන පූජා ඔප්පු කිරීමටත් අපිට හැකි වෙනවා. එමගින් දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ සදහටම ඉටු කිරීමට අපිට හැකි වෙනවා.+

  • නෙහෙමියා 10:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 එම මුදල් සබත් දවස්වලදී+ හා නව සඳ පායන දවස්වලදී+ පුදන රොටි+ සඳහාත් දිනපතා ඔප්පු කරන ධාන්‍ය පූජා+ හා දවන පූජා සඳහාත් නියමිත කාලවලදී පවත්වන උත්සව+ සඳහාත් වැය කිරීමට තීරණය කරන ලදි. ශුද්ධ+ පූජා සඳහාත් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් ඔප්පු කරන පාප පූජා+ සඳහාත් අපගේ දෙවිගේ ගෘහයේ සිදු කෙරෙන අන් සියලු වැඩකටයුතු සඳහාත් එය වැය කිරීමට අපි තීරණය කළෙමු.+

  • කොලොස්සි 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහෙයින් ඔබේ කෑම බීම ගැනවත්+ උත්සවයක් ගැනවත්+ අමාවක දවසක්+ නැතහොත් සබත් දවසක් ගැනවත්+ ඔබව විනිශ්චය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න