16 “එහි මැද තිබෙන කොටස මළුවේ දොරටුව සඳහා යොදාගන්න. එම දොරටුවට රියන් විස්සක් දිග තිරයක් සාදන්න. නිල් පැහැති නූල්වලින්ද රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්ද තද රතු පැහැති නූල්වලින්ද සිහින්ව කටින ලද ලිනන් නූල්වලින්ද එම තිර රෙද්ද වියන්න.+ එය එල්ලීම සඳහා කණු හතරක්ද ඒවා පොළොවේ රඳවා තබන පිණිස අඩි හතරක්ද සාදන්න.+