ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට මෝසෙස් යොෂුවාට*+ මෙසේ කීවේය. “අමලෙක්වරුන්ට විරුද්ධව සටනට යෑමට මිනිසුන්ව තෝරාගන්න.+ ඔවුන් ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් සටන් කළ යුතුයි. මමත් සැබෑ දෙවිගේ සැරයටිය+ අතැතිව හෙට කඳු මුදුනේ සිටිනවා.”

  • නික්මයාම 24:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසු මෝසෙස් හා ඔහුගේ සේවකයා වන යොෂුවා, සැබෑ දෙවි සිටි කඳු මුදුනට නඟින්න පටන්ගත්තෝය.+

  • නික්මයාම 33:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය.

  • ගණන් කතාව 27:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නූන්ගේ පුත්‍රයා වන යොෂුවාව ඔබ ඉදිරියට කැඳවන්න. ඔහු සිහිකල්පනාවෙන් වැඩ කරන පුද්ගලයෙක්.+ ඒ වගකීම දරන්න ඔහුට පුළුවන්. ඔබේ අත ඔහු පිට තබන්න.+

  • ද්විතීය කතාව 31:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔබ සමඟ සිටිනවා. ඔබ ගඟෙන් එගොඩ වෙද්දී දෙවි ඔබ ඉදිරියෙන්ම ගමන් කරයි.+ දේශයේ වාසය කරන ජාතීන්ව නැති කර දමන්නේ ඔහුයි. එමනිසා ඔබට හැකි වෙයි ඔවුන්ව සම්පූර්ණයෙන්ම පන්නා දමන්න.+ එගොඩ වෙද්දී ඔබේ නායකයා ලෙස කටයුතු කරන්නේ යොෂුවායි.+ ඔහුව පත් කර තිබෙන්නේ යෙහෝවා දෙවියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න