12 ඔබ ඔවුන්ව විනාශ කළොත් ඊජිප්තුවරුන්+ මෙසේ කියයි. ‘දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අපේ අතින් ගලවාගත්තේ හොඳ චේතනාවකින් නොවෙයි. ඔහු ඔවුන්ව ගලවාගත්තේ කඳුකරයට ගෙන ගොස් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නයි!’+ ඒ නිසා ඔබේ උදහස පහ කර+ ඔබේ සෙනඟට දඬුවම් කිරීමට ඔබ ගත් තීරණය වෙනස් කරන්න.+