ලෙවී කතාව 16:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි. ලෙවී කතාව 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා මළ සතෙකු නැත්නම් වෙනත් සතෙකු විසින් මරා දමනු ලැබූ සතෙකුව කෑවොත්+ ඔහු තම වස්ත්‍ර සෝදා නාගෙන සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+ ඉන්පසු ඔහු පවිත්‍ර වන්නේය. ගණන් කතාව 15:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු හෝ පරම්පරා ගණනාවක් ඔබ සමඟ ජීවත් වන වෙන ඕනෑම කෙනෙකු හෝ යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා පූජාවක් ඔප්පු කරන විට ඔහුද එම පිළිවෙත අනුගමනය කළ යුතුයි.+
29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි.
15 ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා මළ සතෙකු නැත්නම් වෙනත් සතෙකු විසින් මරා දමනු ලැබූ සතෙකුව කෑවොත්+ ඔහු තම වස්ත්‍ර සෝදා නාගෙන සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+ ඉන්පසු ඔහු පවිත්‍ර වන්නේය.
14 “‘ඔබ සමඟ ජීවත් වන විදේශිකයෙකු හෝ පරම්පරා ගණනාවක් ඔබ සමඟ ජීවත් වන වෙන ඕනෑම කෙනෙකු හෝ යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා පූජාවක් ඔප්පු කරන විට ඔහුද එම පිළිවෙත අනුගමනය කළ යුතුයි.+