ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+

  • ගණන් කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔහුව දකින්නෙමි.+ එහෙත් දැන් නොවේ.

      මට ඔහුව පෙනේ. එහෙත් ළඟට නොපෙනේ.

      යාකොබ්ගෙන් පැවතෙන්නන්ගෙන් තරුවක්+ පායනු ඇත.

      ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ගෙන් රාජ යෂ්ටියක් ඔසවනු ලබන්නේය.+

      ඔහු මෝවබ්ගේ හිස කැබලි කරන්නේය.+

      කලහකාරී පුත්‍රයන්ගේ හිස්කබල කුඩු කර දමන්නේය.

  • ලූක් 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එතැන සිටි සියලුදෙනාම බියට පත් වී,+ “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක්+ ඇවිල්ලා” කියාද, “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා”+ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය.

  • ලූක් 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා.

  • යොහන් 1:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 ෆිලිප් නතානියෙල්ව+ හමු වී, “අපිට නාසරෙත් නුවරින් පැමිණි යේසුස් නම් කෙනෙක්ව හමු වුණා. ඔහුගේ පියා යෝසෙප්.+ මෝසෙස්ට දෙන ලද නීතියෙත්+ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ සඳහන් තැනැත්තා ඔහුයි” කියා කීවේය.

  • යොහන් 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යේසුස් සිදු කළ ආශ්චර්යයන් දුටු ජනයා, “ලෝකයට එන්න සිටින අනාගතවක්තෘ මොහු තමයි”+ කියා පැවසූහ.

  • ක්‍රියා 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තෙන්ම මෝසෙස් මෙසේ පැවසූ ආකාරය ඔබට මතක ඇති. ‘යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි.+ ඔහු ඔබට පවසන සියල්ලට ඔබ සවන් දිය යුතුයි.+

  • ක්‍රියා 7:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 “‘දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි’+ කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඒ මෝසෙස්මයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න