ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 22:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “මාගේ සෙනඟ අතරේ සිටින දුප්පත් කෙනෙකුට ඔබ ණයට මුදල් දුන්නොත්+ පොලියට මුදල් දෙන කෙනෙකු මෙන් ක්‍රියා නොකරන්න. ඔහුගෙන් පොලී අය නොකරන්න.+

  • ලෙවී කතාව 25:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔහුගෙන් ලාභයක් උපයා නොගන්න. ඔහුගෙන් පොලීද අය නොකරන්න.+ ඔහුට ඔබ අතරේ ජීවත් වීමට ඉඩහරින්න. ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+

  • නෙහෙමියා 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාත් මගේ සහෝදරයනුත් මට සේවය කරන අයත් මුදල් සහ ධාන්‍ය ණයට දීලයි ඉන්නේ. ඒ නිසා අපි දැන් තීරණයක් ගනිමු. පොලියට ණය දෙන එක අපි වහාම නතර කරමු.+

  • ගීතාවලිය 15:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔහු ණයකරුවන්ගෙන් පොලී අය නොකරයි.+

      අහිංසක කෙනෙකුට විරුද්ධව අසාධාරණයක් සිදු කිරීමට ඔහු කිසිවිටෙක අල්ලසක් නොගනියි.+

      මෙසේ ක්‍රියා කරන තැනැත්තා කිසිදා නොසෙල් වෙයි.+

  • එසකියෙල් 18:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු පොලියට මුදල් නොදෙන්නේය.*+ අයුතු ලෙස ලාභ උපයාගන්නේද නැත.+ අයුක්තිසහගත දේවල් කිරීමෙන් ඔහු වැළකී සිටින්නේය.+ මිනිසුන්ට මැනවින් යුක්තිය ඉටු කර දෙන්නේය.+

  • එසකියෙල් 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ ලේ වගුරුවන පිණිස අල්ලස් ගෙන ඇත.+ ඔබ පොලී අය කරන්නෙහිය.*+ අයුතු ලෙස අන්‍යයන්ගෙන් ලාභ උපයාගන්නෙහිය.+ ඔබ බලපුළුවන්කාරකම් පෙන්වමින්+ ඔබේ ආශ්‍රිතයන්ට අයිති දේ වංචනික ලෙස පැහැරගන්නෙහිය.+ ඔබට මාව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න