නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ ලෙවී කතාව 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඔබ සියලුදෙනාම තම තමාගේ පියාටද මවටද ගෞරවයෙන් සලකන්න.+ මා නියම කළ සබත් දිනයන් පවත්වන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය. ද්විතීය කතාව 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “යම් කෙනෙකුට ඉතා මුරණ්ඩු හා කැරලිකාර පුත්‍රයෙක් සිටිනවා+ කියා සිතන්න. ඔහු තමාගේ පියා හෝ මව කියන කිසි දෙයක් අහන්නේ නැහැ.+ ඔවුන් ඔහුව යහමඟට ගන්න කොතරම් උත්සාහ කළත් ඉන් කිසි පලක් වී නැහැ.+ ද්විතීය කතාව 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවිට ඒ නුවරේ සිටින සියලුම පුරුෂයන් එකතු වී ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. මෙසේ, දුෂ්ට ලෙස හැසිරෙන කෙනාව ඔබ අතරින් ඉවත් කර දමන්න. එවිට සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන ආරංචි වී එවැනි දෙයක් කරන්න ඔවුන් තුළ බියක් ඇති වෙයි.+ හිතෝපදේශ 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පියාට හෝ මවට හෝ ශාප කරන+ කෙනාගේ පහන අඳුර වැටීගෙන එද්දී නිවී යයි.+ හිතෝපදේශ 30:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත. මතෙව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ කියාත් ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ කියාත් දෙවි පවසා තිබෙනවා.
3 “‘ඔබ සියලුදෙනාම තම තමාගේ පියාටද මවටද ගෞරවයෙන් සලකන්න.+ මා නියම කළ සබත් දිනයන් පවත්වන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.
18 “යම් කෙනෙකුට ඉතා මුරණ්ඩු හා කැරලිකාර පුත්‍රයෙක් සිටිනවා+ කියා සිතන්න. ඔහු තමාගේ පියා හෝ මව කියන කිසි දෙයක් අහන්නේ නැහැ.+ ඔවුන් ඔහුව යහමඟට ගන්න කොතරම් උත්සාහ කළත් ඉන් කිසි පලක් වී නැහැ.+
21 එවිට ඒ නුවරේ සිටින සියලුම පුරුෂයන් එකතු වී ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. මෙසේ, දුෂ්ට ලෙස හැසිරෙන කෙනාව ඔබ අතරින් ඉවත් කර දමන්න. එවිට සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන ආරංචි වී එවැනි දෙයක් කරන්න ඔවුන් තුළ බියක් ඇති වෙයි.+
17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.
4 උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’+ කියාත් ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’+ කියාත් දෙවි පවසා තිබෙනවා.