ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 39:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මිනිසෙකු වරදක් කළ විට ඔහුව නිවැරදි කිරීමට ඔබ ඔහුට දඬුවම් කරන්නෙහිය.+

      ඔහු ආශාවෙන් රැකගත් දේ ඔබ කාවෙකු මෙන් කා දමන්නෙහිය.+

      සෑම මිනිසෙකුම ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.

  • ගීතාවලිය 80:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එය කපා දමන ලදි. ගින්නෙන් දවා දමන ලදි.+

      ඔබේ තරවටුව නිසා එය විනාශ වී යන්නේය.+

  • යෙසායා 30:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන්ගෙන් එක් කෙනෙකු තර්ජනය කළ විට ඔබෙන් දහස්දෙනෙක් බියෙන් වෙවුලති.+ පස්දෙනෙකුගේ තර්ජනයට ඔබ සියලුදෙනාම පලා දුවන්නහුය. අන්තිමේදී ඔබෙන් ඉතුරු වන අය කඳු මුදුනක සිටුවා ඇති තනි කොඩියක් මෙන් වෙති.+

  • යෙසායා 51:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබේ පුත්‍රයෝ ක්ලාන්ත වී වැටුණෝය.+ දැලට+ හසු වූ බැටළුවන් මෙන් ඔවුහු සෑම වීථියකම වැතිර සිටින්නෝය. යෙහෝවා දෙවි වන මාගේ කෝපයත්+ මාගෙන් ලැබූ දඬුවමත්+ ඔවුහු උපරිමයෙන් අද්දුටුවෝය.”

  • එසකියෙල් 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මම ඔබට විරුද්ධව මාගේ උදහස පිට කරමින් මාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙමි. ඔබට විරුද්ධව දැඩි දඬුවම් පමුණුවන්නෙමි.+ එවිට ඔබ වටා සිටින ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් වී+ ඔවුන්ගේ සරදමට ලක් වනු ඇත.+ ඔබට සිදු වූ දේ අවට සිටින ජාතීන්ට අනතුරු ඇඟවීමක් වනු ඇත.+ ඔවුහු ඔබ දෙස බලා තැතිගන්නෝය. මේ දේ පවසන්නේ වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවි වන මමය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න