ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්‍රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+

  • ද්විතීය කතාව 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ එලෙස ධනවත් වන්නේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසයි.+ ඒ නිසා හැමවිටම ඔබේ දෙවිව මතකයේ තබාගන්න. මන්ද ඔහු ඔබ වෙනුවෙන් ඒ දේ කරන්නේ ඔහු අද වන තුරුත් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිටින නිසයි.+

  • යොෂුවා 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “මාගේ සේවකයා වූ මෝසෙස් ඔබට කියා දුන් නීතියට ඇතුළත් සෑම දෙයක්ම ඉටු කරන පිණිස ධෛර්යවත්ව, එඩිතරව සිටීමට වගබලා ගන්න.+ මා දුන් නීතියෙන් දකුණටවත් වමටවත් නොහැරී+ එය පිළිපදින්න. එවිට සැමවිටම ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට ඔබට හැකි වනු ඇත.+

  • 1 රාජාවලිය 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබේ දෙවි වන යෙහෝවාට කීකරු වී ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ දෙවි මෝසෙස්ට දුන් නීතියේ+ ලියා තිබෙන අණපනත්, නීතිරීති+ සහ සිහිගැන්වීම්වලට* කීකරු වෙන්න. එවිට ඔබ කොතැනට ගියත් මොන දේ කළත් ඔබට සිහිබුද්ධියෙන් කටයුතු කරන්න හැකි වෙයි.

  • ගීතාවලිය 103:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දක්වන අයට+

      ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය* පෙන්වන්නේය.+

      ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්නෝය.+

  • ගීතාවලිය 103:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව ඇලී සිටින,+

      ඔහුගේ නියෝග සිහි කර ඒවා පිළිපදින අයට ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය පෙන්වන්නේය.+

  • ලූක් 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 නමුත් ඔහු ඇයට මෙසේ කීවේය. “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න