ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+

      නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+

      ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+

      ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+

  • යෙසායා 1:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එබැවින් සැබෑ ස්වාමීන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි බලවත් තැනැත්තාද+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මගේ සතුරන්ට+ මම නිසි දඬුවම්+ ලබා දෙන්නෙමි. මට විරුද්ධව නැඟී සිටින සියල්ලන්ව මම නැත්තටම නැති කරන්නෙමි.

  • යෙසායා 59:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+

  • යෙසායා 66:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+

  • නාහුම් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි.+ යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන්නේය.+ ඔහු තම සතුරන්ගේ දුෂ්ට ක්‍රියා අමතක නොකර ඔවුන්ට විරුද්ධව මහත් උදහසකින් යුක්තව ක්‍රියා කරන්නේය.+ යෙහෝවා දෙවි තම සතුරන්ට+ නිසි දඬුවම් දෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න