ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද?+

      ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද?+

      පුදුම දනවන ක්‍රියා+ කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව+ හා ගරුබිය+ ලැබිය යුතු තැනැත්තාද ඔබය.

  • 2 සාමුවෙල් 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨයි.+ ඔබට සමාන වෙන කිසි කෙනෙක් නැහැ.+ අපි වෙනත් බොහෝ දෙවිවරුන් ගැන අසා තිබුණත් ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+

  • 1 රාජාවලිය 8:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මෙසේ යාච්ඤා කළේය. “යෙහෝවා, ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඉහළ අහසේවත් පහත පොළොවේවත් ඔබට සමාන වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ මන්ද මුළු හදවතින්ම ඔබට විශ්වාසවන්තව සේවය කරන+ ඔබේ සේවකයන්ට+ ඔබ දිගටම ප්‍රේමය* පෙන්වන්නෙහිය. ඔවුන් සමඟ ඔබ ඇති කරගත් ගිවිසුම කිසිවිටක කඩ නොකරන්නෙහිය.+

  • ගීතාවලිය 71:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය.+

      ඔබ කර තිබෙන මහත් දේවල් මොන තරම්ද!+

      දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් සිටීද?+

  • ගීතාවලිය 86:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසි දෙවි කෙනෙක් නැත.+

      ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි වෙන කිසිවක්ද නැත.+

  • යෙරෙමියා 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෙහෝවා දෙවියනි, ඔබට සමාන කිසිවෙක් නැත.+ බලවත්ම දෙවි ඔබය. ඔබේ නාමය ඉතා ශ්‍රේෂ්ඨය.+

  • යෙරෙමියා 49:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “යොර්දාන් ගඟ අසල පිහිටි වනළැහැබේ සිට සිංහයෙකු,+ ඉතා සුව සේ වෙසෙන බැටළුවන්ගෙන් පිරි තණබිමකට කඩාපනින්නාක් මෙන් එක්තරා තැනැත්තෙක් ඒදොම් වෙතට පැමිණෙන්නේය.+ ඒ සමඟම ඒදොම්වරුන්ට තම දේශය අත්හැර පලා දිවීමට මම සලස්වන්නෙමි.+ ඉන්පසු මම තෝරාගත් තැනැත්තාට ඒදොම් දේශය භාර දෙන්නෙමි. මා කිරීමට යන දේට අභියෝග කළ හැකි කෙනෙක් සිටීද?+ මට විරුද්ධව කිසිම නායකයෙකුට නැඟී සිටිය හැකිද?+ මට සමාන කෙනෙක් තවත් සිටීද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න