ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්,+ පුතියෙල්ගේ දියණියක සමඟ විවාහ විය. පසුව ඇය පිනෙහාස්ව+ බිහි කළාය.

      ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානියෝ ඔවුහුය.+

  • ගණන් කතාව 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “පූජක ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ නිසා මාගේ උදහස පහව ගියේය.+ ඊශ්‍රායෙල් සෙනඟ මට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඔහු කොහෙත්ම ඉවසුවේ නැත. ඔවුන්ගේ ද්‍රෝහිකම් නතර කර දැමීමට ඔහු පියවර ගත්තේය.+ ඔහු එලෙස ක්‍රියා නොකළා නම් මම ඊශ්‍රායෙල් සෙනඟව විනාශ කර දමන්නෙමි. මන්ද වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය මම දැඩි ලෙස හෙළාදකිමි.+

  • විනිශ්චයකරුවෝ 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ආරොන්ගේ පුත් එලියාසර්ගේ පුත්‍රයෙකු වූ පිනෙහාස්+ ගිවිසුම් පෙට්ටිය ඉදිරියට ගොස්+ සෙනඟ වෙනුවෙන් දෙවිගෙන් මෙසේ ඇසුවේය. “දෙවියනි, අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධව අපි නැවත වතාවක් සටන් කළ යුතුද? නැත්නම් අපි මේ සටන අත්හරින්නද?”+ එවිට යෙහෝවා දෙවි, “සටනට යන්න. මන්ද මම හෙට ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි”+ කියා පැවසීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න