නික්මයාම 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි. 1 රාජාවලිය 22:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් මිකායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ පණිවිඩයට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දුටුවා.+ ස්වර්ගයේ සේනාවන් ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දුටුවා.+ ගීතාවලිය 103:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවිගේ අණට සැමවිටම කීකරු වන ඔහුගේ දූතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.ඔහු පවසන දේට සවන් දී එය ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි,+ දෙවිට ප්‍රශංසා කරන්න. ගීතාවලිය 148:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ සියලු දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+ඔහුගේ මුළු සේනාවෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+ දානියෙල් 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් පර්සියානු රාජධානියේ+ අධිපතියා+ දවස් විසිඑකක් මුළුල්ලේම මට විරුද්ධව නැඟී සිටියේය.+ එවිට අධිපතීන්ගේ ප්‍රධානියෙකු+ වන මිකායෙල්*+ එතැනට ඇවිත් මට උදව් කළේය. ඒ කාලය පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ රැඳී සිටියෙමි.+
20 “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි.
19 නමුත් මිකායා මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ පණිවිඩයට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දුටුවා.+ ස්වර්ගයේ සේනාවන් ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දුටුවා.+
20 යෙහෝවා දෙවිගේ අණට සැමවිටම කීකරු වන ඔහුගේ දූතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.ඔහු පවසන දේට සවන් දී එය ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි,+ දෙවිට ප්‍රශංසා කරන්න.
13 එහෙත් පර්සියානු රාජධානියේ+ අධිපතියා+ දවස් විසිඑකක් මුළුල්ලේම මට විරුද්ධව නැඟී සිටියේය.+ එවිට අධිපතීන්ගේ ප්‍රධානියෙකු+ වන මිකායෙල්*+ එතැනට ඇවිත් මට උදව් කළේය. ඒ කාලය පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ රැඳී සිටියෙමි.+