ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 19:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 දාන් ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශය ඔවුන්ට ප්‍රමාණවත් නොවුණු නිසා+ ඔවුහු ලේෂම් නගරයට+ විරුද්ධව සටන් කර, එහි සිටි වැසියන්ව කඩුවෙන් මරා දමා එහි පදිංචි වූහ. පසුව ඔවුහු ඒ නගරයට ඔවුන්ගේ මුතුන්මිත්තාගේ නමද එකතු කර එය ලේෂම් දාන් කියා හැඳින්වූහ.+

  • විනිශ්චයකරුවෝ 18:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය.

  • 2 සාමුවෙල් 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම සාවුල්ගේ පෙළපතින් රාජ්‍යය ගෙන එය දාවිත්ට දෙනවා. දාන් ඉඳන් බෙයර්-ෂෙබා දක්වා+ තිබෙන සියලුම පළාත් දාවිත්ට යටත් කර දී ඊශ්‍රායෙල් දේශය හා යූදා දේශය පුරාම ඔහුගේ රජකම මම ස්ථිර කරනවා.”

  • 1 ලේකම් 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ නිසා දාවිත් රජ, යෝවාබ්ට+ හා ප්‍රධානීන්ට මෙසේ පැවසීය. “දාන්+ සිට බෙයර්-ෂෙබා+ දක්වා ජීවත් වන ඊශ්‍රායෙල් ජනයාව ගණන් කර+ ඔවුන්ගේ මුළු සංඛ්‍යාව මට දන්වන්න.”+

  • 2 ලේකම් 30:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ගෞරවය ගෙනෙන පිණිස යෙරුසලමෙහිදී පාස්කුව පවත්වන බවට ප්‍රකාශයක්+ බෙයර්-ෂෙබා සිට+ දාන් දක්වා+ මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම පතළ කිරීමට ඔවුහු තීරණය කළෝය. ඔවුන් එවැනි තීරණයක් ගත්තේ අණ කර තිබූ ලෙස+ සියලුදෙනාටම එකට රැස් වී පාස්කුව පැවැත්වීමට පසුගිය කාලය පුරාම නොහැකි වූ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න