9 ඉන්පසු රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් මනස්සේ ගෝත්‍රයටත් අයත් සෙනඟ, ඊශ්‍රායෙල්හි අනික් ගෝත්‍රවලට අයත් සෙනඟගෙන් සමුගත්තෝය. ඔවුහු කානාන් දේශයේ පිහිටි ෂීලෝ නගරයෙන් පිටත්ව තමන්ට උරුම වූ ගිලියද් දේශය+ වෙතට ගියෝය. යෙහෝවා දෙවිගේ අණ පරිදි මෝසෙස් ඔවුන්ට එම දේශය දී තිබුණේය.+