22 ඔවුන් කමින් බොමින් විනෝද වෙමින් සිටියදී+ නුවරේ විසූ නැහැදිච්ච මිනිසුන්+ පිරිසක් පැමිණ නිවස වට කළෝය.+ ඔවුහු දොරට ගසමින් නිවසේ අයිතිකරු වූ මහලු මිනිසාට මෙසේ පැවසුවෝය. “අද ඔබේ නිවසට කෙනෙක් ආවා නේද? ඔහුව එළියට ගේන්න. අපිට ඕනේ ඔහු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න.”+