7 ඔවුහු එතැනින් පිටත් වී ලායිෂ් නම් නුවරට+ පැමිණියෝය. එහි ජීවත්ව සිටියේ කිසිවෙකුට කරදරයක් නොකරන සාමකාමී සෙනඟකි.+ ඔවුහු සීදොන් වැසියන් හා සමාන ස්වාධීන සෙනඟකි. ඔවුන් සීදොන් වැසියන්ගෙන්+ ඈත්ව හුදෙකලාව ජීවත් වූ අතර කිසිම ජාතියක් හෝ පාලකයෙක් ඔවුන්ට හිරිහැර කිරීමට පැමිණියේ නැත.