ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එබැවින් ඔවුන් කළ වරදට ඔවුන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින බව මම ඒලීගෙන් පැවතෙන්නන්ට දිවුරා කියන්නෙමි. පූජා ඔප්පු කිරීමෙන්වත් යාග ඔප්පු කිරීමෙන්වත් ඔවුන්ට එයින් නිදහස් විය නොහැක.”+

  • 1 සාමුවෙල් 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒලීගේ පුත්‍රයෝ වන හොප්නී හා පිනෙහාස්ද මිය ගියෝය.+ දෙවිගේ ගිවිසුම් පෙට්ටියද පිලිස්තිවරු පැහැරගත්තෝය.+

  • 1 සාමුවෙල් 4:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ගැන සඳහන් කළ විට දොරටුව අසල බංකුවක් මත හිඳගෙන සිටි ඒලී පිටුපසට වැටුණේය. ඔහු මහලු තරබාරු කෙනෙක් වූ නිසා බෙල්ල කැඩී ඔහු මිය ගියේය. ඔහු අවුරුදු හතළිහක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස ඊශ්‍රායෙල්වරුන්ට සේවය කළේය.

  • 1 සාමුවෙල් 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 (ඒ දවස්වල ඒෆොද් හැට්ටය+ ඇඳ සිටියේ අහියාය. අහියා, ඊකාබොද්ගේ+ සහෝදරයා වූ අහිතුබ්ගේ+ පුත්‍රයා විය. අහිතුබ්ගේ පියා පිනෙහාස්ය.+ පිනෙහාස්ගේ පියා, යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයෙකු ලෙස ෂීලෝහි+ සේවය කළ ඒලීය.)+ යොනාතාන් තමන් සිටි ස්ථානයෙන් පිටත්ව ගිය බව සෙනඟද දැනගෙන සිටියේ නැත.

  • 1 සාමුවෙල් 22:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එබැවින් රජ, දොවෙග්ට+ මෙසේ අණ කළේය. “මේ පූජකයන්ව මරලා දාන්න!” ඒදොම් ජාතික+ දොවෙග් විගස පූජකයන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+ එදින ඔහු ලිනන් රෙදිවලින් මැසූ ඒෆොද් හැට්ට+ ඇඳගෙන සිටි පූජකයන් අසූපස්දෙනෙකුව මරා දැමුවේය.

  • 1 රාජාවලිය 2:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 සලමොන් රජ එසේ කියා අබියාතර්ව එතැනින් පිටත් කර හැරියේය. තවදුරටත් යෙහෝවා දෙවිගේ පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට ඉඩ නොදුන්නේය. මෙසේ යෙහෝවා දෙවි ඒලීගෙන්+ පැවතෙන්නන්ට විරුද්ධව ෂීලෝහිදී+ ප්‍රකාශ කළ වදන් ඉටු විය.

  • 1 ලේකම් 24:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දාවිත් රජද එලියාසර්ගෙන් පැවත ආ සාදොක්ද+ ඉතමාර්ගෙන් පැවත ආ අහිමෙලෙක්ද+ පූජකයන්ට හිමි වගකීම් ඉටු කිරීම සඳහා පූජකයන්ව කාණ්ඩ වශයෙන් බෙදුවෝය.+

  • ගීතාවලිය 37:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද දුෂ්ටයන්ගේ බලය බිඳ දමනු ලබන්නේය.+

      නමුත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න