ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 යොෂුවාගේ මරණයෙන් පසු+ ඊශ්‍රායෙල්වරු රැස් වී යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතමින්,+ “කානානිවරුන්ට විරුද්ධව සටන් කරන්න අප අතරින් මුලින්ම යැවිය යුත්තේ කාවද” කියා දෙවිගෙන් විමසුවෝය.

  • විනිශ්චයකරුවෝ 20:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුහු සියලුදෙනාම සටනට යෑමට කලින් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා+ බෙතෙල් නුවරට ගියෝය. එහිදී ඊශ්‍රායෙල්වරු දෙවිගෙන් මෙසේ ඇසුවෝය. “බෙන්ජමින්වරුන්ට විරුද්ධව කරන සටනේදී පෙරමුණ ගත යුත්තේ කවුද?”+ එවිට යෙහෝවා දෙවි, “යූදා ගෝත්‍රයේ අය පෙරමුණ ගත යුතුයි”+ කියා දැන්වීය.

  • විනිශ්චයකරුවෝ 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ආරොන්ගේ පුත් එලියාසර්ගේ පුත්‍රයෙකු වූ පිනෙහාස්+ ගිවිසුම් පෙට්ටිය ඉදිරියට ගොස්+ සෙනඟ වෙනුවෙන් දෙවිගෙන් මෙසේ ඇසුවේය. “දෙවියනි, අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධව අපි නැවත වතාවක් සටන් කළ යුතුද? නැත්නම් අපි මේ සටන අත්හරින්නද?”+ එවිට යෙහෝවා දෙවි, “සටනට යන්න. මන්ද මම හෙට ඔවුන්ව ඔබේ අතට හසු කර දෙන්නෙමි”+ කියා පැවසීය.

  • 1 සාමුවෙල් 23:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට දාවිත්, “මම ගොස් පිලිස්තිවරුන්ට පහර දෙන්නද” කියා යෙහෝවා දෙවිගෙන් විමසුවේය.+ යෙහෝවා දෙවිද, “යන්න, පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ගේ අතින් කෙයිලා නුවර බේරගන්න” කියා දාවිත්ට කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න