ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “හෙට මේ වෙලාවට බෙන්ජමින් දේශයේ+ මිනිසෙකුව මම ඔබ වෙතට එවන්නෙමි. මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා ලෙස ඔබ ඔහුව අභිෂේක කරන්න.+ ඔහු මාගේ සෙනඟව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගන්නේය.+ මන්ද මාගේ සෙනඟ විඳින දුක්ගැහැට මට පෙනෙන්නේය. උපකාරය පතා ඔවුන් නඟන මොරගැසීමත් මට ඇසෙන්නේය.”+

  • 1 සාමුවෙල් 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සාමුවෙල් තෙල් බඳුන+ ගෙන සාවුල්ගේ හිස මත තෙල් වත් කර ඔහුව සිපගනිමින්+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඔබව අභිෂේක කරනවා. ඔහු තම උරුමය+ වන ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරන්න තෝරාගත් තැනැත්තා ඔබයි.+

  • 1 සාමුවෙල් 24:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එබැවින් ඔහු තමා සමඟ සිටි අයට මෙසේ කීවේය. “සාවුල් රජු, යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා.+ ඉතින් මම කොහොමද යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මගේ අත ඔසවන්නේ?+ මගේ ස්වාමියාට විරුද්ධව කටයුතු කරන්න මම කවදාවත් හිතන්නේවත් නැහැ. යෙහෝවා දෙවිත් ඒ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි.”

  • 2 සාමුවෙල් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවිට දාවිත්, “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාව+ ඔබ මරා දැමුවේ ඇයි? ඔබට ඒ වගේ දෙයක් කරන්න භය හිතුණේ නැද්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය.

  • ක්‍රියා 4:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඇත්තටම සිදු වුණේ ඒ දෙයයි. මන්ද හෙරොද් සහ පොන්තියුස් පිලාත්+ යන දෙදෙනාම, වෙනත් ජාතීන් හා ඊශ්‍රායෙල්හි ජනතාව සමඟ මේ නගරයේදී රැස් වුණේ ඔබ අභිෂේක කළ+ ඔබේ ශුද්ධ සේවක+ යේසුස්ට විරුද්ධව නැඟී සිටින්නයි.

  • ක්‍රියා 10:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඒ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි. දෙවි ඔහුව තම බලයෙන් අභිෂේක කර+ ඔහුට මහත් බලයක්ද ලබා දුන්නා. ඉන්පසු යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළ අතර යක්ෂයාගේ පීඩා හා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන දුන්නා.+ ඔහු ඒ දේවල් කළේ දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න