ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි ගිඩියොන්ට මෙසේ පැවසීය. “ඔබ සමඟ සිටින අයගේ ගණන වැඩියි.+ ඒ නිසා මා මිදියන්වරුන්ව පරාජය කර ඔබට ජය ලබා දුන් පසු, ‘අපි මේ ජයග්‍රහණය ලබාගත්තේ අපේම ශක්තියෙන්’+ කියා ඊශ්‍රායෙල්වරුන් පුරසාරම් දෙඩීමට+ ඉඩ තිබේ.

  • 2 රාජාවලිය 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔහු, “භය වෙන්න එපා.+ ඒ අයට වඩා විශාල පිරිසක් අප සමඟ ඉන්නවා”+ යයි කීවේය.

  • 2 ලේකම් 14:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහිදී ආසා රජ තම දෙවි වූ යෙහෝවාට කන්නලව් කරමින්+ මෙසේ පැවසීය. “යෙහෝවා දෙවියනි, ඔබ උපකාර කිරීමට සූදානම් දෙවි කෙනෙක්. ඒ නිසා අප සුළු පිරිසක් වුණත් විශාල පිරිසක් වුණත් අපට උපකාර කිරීමට එය ඔබට බාධාවක් නොවෙයි.+ යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි.+ මේ විශාල සමූහයට විරුද්ධව අපි යුද්ධයට පැමිණියේ ඔබේ නාමයෙන්.+ ඒ නිසා අපට උපකාර කරන්න. යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි.+ ඔබට වඩා තමන් බලවත් කියා පෙන්වීමට දූවිලි වැනි මේ මනුෂ්‍යයන්ට ඉඩ දෙන්න එපා.”+

  • ගීතාවලිය 115:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+

      ඔහු ඔබේ පලිහය. ඔබේ උපකාරයට පැමිණෙන්නේ ඔහුය.+

  • හෙබ්‍රෙව් 11:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔවුන් තුළ තිබූ විශ්වාසය කොතරම්ද කිවහොත් ඔවුහු රාජ්‍යයන් පවා පරාජය කළෝය.+ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළෝය.+ පොරොන්දු ලැබුවෝය.+ එලෙසම සිංහයන්ගේ කටවල් පියෙව්වෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න