18 එවිට එතැන සිටි සේවකයෙක් ඔහුට මෙසේ කීවේය. “යෙස්සේ නම් මිනිසෙක් බෙත්ලෙහෙම් නුවර ජීවත් වෙනවා. ඔහුගේ එක පුතෙක් ඉතා මිහිරි ලෙස වීණාව වයනවා මම අසා තිබෙනවා.+ ඔහු කඩවසම්,+ නිර්භීත තරුණයෙක්.+ ඔහු යුද්ධයට දක්ෂ ශක්තිමත් කෙනෙක්.+ ඒ වගේම ඔහු දක්ෂ කථිකයෙක්.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ඔහුට තියෙනවා.”+