උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ 1 රාජාවලිය 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තමා පැවසූ දේ යෙහෝවා දෙවි ඉටු කළේය.+ යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම මගේ පියා වූ දාවිත්ට පසුව ඊශ්‍රායෙල් රාජ්‍යය මගේ අතට පත් විය.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස මම ගෘහයක් ගොඩනැඟුවෙමි.+ ගීතාවලිය 132:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+ යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+ මතෙව් 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහුට ඉදිරියෙන් හා පසුපසින් ගමන් කළ සමූහයෝ, “දාවිත්ගේ පුත්‍රයාව+ ආරක්ෂා කරන්න!+ යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!+ ඉතා උස් තැන්හි සිටින ඔබ ඔහුව ආරක්ෂා කරන්න”+ කියා මහත් හඬින් කීවෝය. මතෙව් 22:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 “ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද, “දාවිත්ගේ පුත්‍රයා”+ කියා පිළිතුරු දුන්නෝය. ලූක් 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි. යොහන් 7:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින්+ හා දාවිත්ගේ ගම+ වන බෙත්ලෙහෙමෙන්+ එනවා කියා නොවෙයිද?” ක්‍රියා 2:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහු අනාගතවක්තෘවරයෙක් හැටියටත් කටයුතු කළා. ඒ නිසා ඔහුගේ පරම්පරාවෙන් පැමිණෙන තැනැත්තෙකුව ඔහුගේ සිංහාසනයේ ඉන්දවන බවට+ දෙවි දිවුරා දුන් පොරොන්දුව ගැන ඔහු දැන සිටියා.
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
20 තමා පැවසූ දේ යෙහෝවා දෙවි ඉටු කළේය.+ යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම මගේ පියා වූ දාවිත්ට පසුව ඊශ්‍රායෙල් රාජ්‍යය මගේ අතට පත් විය.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස මම ගෘහයක් ගොඩනැඟුවෙමි.+
11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
9 ඔහුට ඉදිරියෙන් හා පසුපසින් ගමන් කළ සමූහයෝ, “දාවිත්ගේ පුත්‍රයාව+ ආරක්ෂා කරන්න!+ යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!+ ඉතා උස් තැන්හි සිටින ඔබ ඔහුව ආරක්ෂා කරන්න”+ කියා මහත් හඬින් කීවෝය.
42 “ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද, “දාවිත්ගේ පුත්‍රයා”+ කියා පිළිතුරු දුන්නෝය.
32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි.
42 ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින්+ හා දාවිත්ගේ ගම+ වන බෙත්ලෙහෙමෙන්+ එනවා කියා නොවෙයිද?”
30 ඔහු අනාගතවක්තෘවරයෙක් හැටියටත් කටයුතු කළා. ඒ නිසා ඔහුගේ පරම්පරාවෙන් පැමිණෙන තැනැත්තෙකුව ඔහුගේ සිංහාසනයේ ඉන්දවන බවට+ දෙවි දිවුරා දුන් පොරොන්දුව ගැන ඔහු දැන සිටියා.