උත්පත්ති 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්‍රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්‍රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+ නික්මයාම 23:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ සිට පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද පාළුකරයේ සිට මහා ගංගාව*+ දක්වාද විශාල කරන්නෙමි. දේශයේ ජීවත් වන වැසියන්ව මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නහුය.+ ද්විතීය කතාව 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ පා තබන සෑම ප්‍රදේශයක්ම ඔබට හිමි වෙයි.+ ඔබේ දේශ සීමාව පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වාත් යුප්‍රටීස් ගඟ සිට බස්නාහිර දෙසට පිහිටි මුහුද දක්වාත් විහිදී යයි.+ 1 රාජාවලිය 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මහ ගංගාවේ*+ සිට පිලිස්තිවරුන්ගේ දේශය දක්වාද ඊජිප්තුවේ දේශ සීමාව දක්වාද තිබුණු සියලු රාජ්‍යයන් සලමොන් රජුගේ පාලනය යටතේ තිබිණ. සලමොන් රජුගේ මුළු ජීවිත කාලය පුරාම ඒ ඒ රාජ්‍යයන් ඔහුට කප්පම් ගෙවූ අතර ඔවුහු ඔහුට සේවය කළෝය.+ ගීතාවලිය 72:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මුහුදෙන් මුහුදටද+මහ ගංගාවේ* සිට+ පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+
18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්‍රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්‍රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+
31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ සිට පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද පාළුකරයේ සිට මහා ගංගාව*+ දක්වාද විශාල කරන්නෙමි. දේශයේ ජීවත් වන වැසියන්ව මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නහුය.+
24 ඔබ පා තබන සෑම ප්‍රදේශයක්ම ඔබට හිමි වෙයි.+ ඔබේ දේශ සීමාව පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වාත් යුප්‍රටීස් ගඟ සිට බස්නාහිර දෙසට පිහිටි මුහුද දක්වාත් විහිදී යයි.+
21 මහ ගංගාවේ*+ සිට පිලිස්තිවරුන්ගේ දේශය දක්වාද ඊජිප්තුවේ දේශ සීමාව දක්වාද තිබුණු සියලු රාජ්‍යයන් සලමොන් රජුගේ පාලනය යටතේ තිබිණ. සලමොන් රජුගේ මුළු ජීවිත කාලය පුරාම ඒ ඒ රාජ්‍යයන් ඔහුට කප්පම් ගෙවූ අතර ඔවුහු ඔහුට සේවය කළෝය.+