ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+

  • 1 රාජාවලිය 18:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 හොඳයි! මේ ප්‍රශ්නය විසඳගන්න සියලු ඊශ්‍රායෙල්වරුන්ව කර්මෙල් කන්දට+ රැස් කරන්න. යෙසබෙල්ගේ+ මේසයේ ඉඳගෙන කෑම කන බාල්ගේ අනාගතවක්තෘවරුන්+ හාරසිය පනස්දෙනාටත් කුලුනට+ නමස්කාර කරන අනාගතවක්තෘවරුන් හාරසියදෙනාටත් එතැනට එන්න කියන්න.”

  • 1 රාජාවලිය 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එලියා කළ සියල්ල ගැනත් ඔහු අනාගතවක්තෘවරුන් සියලුදෙනාවම කඩුවෙන් මරා දැමූ ආකාරය+ ගැනත් ආහබ් රජ+ යෙසබෙල්ට+ කීවේය.

  • 1 රාජාවලිය 21:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට ඔහුගේ බිරිඳ වූ යෙසබෙල්, “ඊශ්‍රායෙල් දේශයේ රජ්ජුරුවන් ඔබ නෙවෙයිද?+ දැන් ගිහින් කෑම ටිකක් කාලා සතුටින් ඉන්න. නාබොත්ගේ මිදිවත්ත ගැන මම බලාගන්නම්”+ කියා ඔහුට කීවාය.

  • 1 රාජාවලිය 21:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+

  • 2 රාජාවලිය 9:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 පසුව යේහු, යෙෂ්‍රෙයෙල් නුවරට+ පැමිණියේය. යෙසබෙල්ට+ මේ ගැන ආරංචි වූ විට ඈ තම දෙනෙත් වටා කලු අඳුන් ආලේප කොට,+ හිසකෙස් ලස්සනට සකසාගෙන+ ජනේලය ළඟට වී බලා සිටියාය.+

  • එළිදරව් 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “‘නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ යෙසබෙල් නම් ස්ත්‍රියට ඉඩ දී ඇත.+ තමා අනාගතවක්තෘවරියක කියා පවසන ඇය, මාගේ දාසයන්ට+ වේශ්‍යාකම්* කිරීමටත්+ රූපවලට පූජා කර ඇති දේවල් ආහාරයට ගැනීමටත්+ උගන්වමින්+ ඔවුන්ව නොමඟ යවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න