ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත් අතර+ බාල් දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+

  • විනිශ්චයකරුවෝ 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහුගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත්තෝය.+ ඔවුහු බාල් දෙවිවරුන්ටත්+ අෂ්ටොරෙත්+ දෙවඟනගේ රූපවලටත් සිරියාවේ දෙවිවරුන්ටත්+ සීදොන් වැසියන්ගේ දෙවිවරුන්ටත්+ මෝවබ්වරුන්ගේද+ අම්මොන්වරුන්ගේද+ පිලිස්තිවරුන්ගේද+ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීමට පටන්ගත්තෝය. මෙසේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම අත්හැර දැමූ ඔවුහු දෙවිගෙන් ඈත් වූහ.+

  • 2 රාජාවලිය 10:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එබැවින් බාල්ට සේවය කරන අනාගතවක්තෘවරුන්වද+ ඔහුට නමස්කාර කරන අයවද+ ඔහුගේ පූජකයන්වද+ මා වෙතට කැඳවන්න. එක් කෙනෙක් නෑර සියල්ලන්ව මා වෙතට කැඳවන්න. මම බාල්ට මහා පූජාවක් ඔප්පු කරන්නයි යන්නේ. පූජාවට නොඑන කිසිවෙකුට තවදුරටත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.” එහෙත් යේහු ඒ දේ පැවසුවේ බාල්ට නමස්කාර කරන සියලුදෙනාව විනාශ කර දැමීමට ඔහුට අවශ්‍ය වූ නිසාය.+

  • 2 රාජාවලිය 17:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න