ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙරොබොවම්ගේ පවුලට අයත් යමෙක් නුවර තුළ මිය ගියොත් ඔහුගේ මළ සිරුර බල්ලෝ කා දමන්නෝය.+ යමෙක් නුවරෙන් පිටතදී මිය ගියොත් ඔහුගේ මළ සිරුර පක්ෂීහු කා දමන්නෝය.+ මේ දේවල් පැවසුවේ යෙහෝවා දෙවිය. එබැවින් ඒ සියල්ල ඉටු වන බව ස්ථිරය.”’

  • 1 රාජාවලිය 16:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 බාෂා රජුගේ පවුලට අයත් කෙනෙකු නුවර තුළ මිය ගියොත් ඔහුගේ මළ සිරුර බල්ලෝ කා දමන්නෝය. නුවරෙන් පිටත මිය ගියොත් ඔහුගේ මළ සිරුර පක්ෂීහු කා දමන්නෝය.”+

  • යෙරෙමියා 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘මම ඔවුන්ට පහර දීමට විපත්ති හතරක් නියම කරමි.+ ඔවුන්ව මරා දැමීමට කඩුවද ඔවුන්ව ඇදගෙන යෑමට බල්ලන්වද ඔවුන්ව කා විනාශ කර දැමීමට අහසේ පියාසර කරන පක්ෂීන්වද+ පොළොවේ සැරිසරන මෘගයන්වද මම ඔවුන් අතරට එවන්නෙමි.

  • එළිදරව් 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න