1 රාජාවලිය 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි. 1 රාජාවලිය 4:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත්+ තේරුම්ගැනීමේ හැකියාවත්+ නොඅඩුව දුන්නේය. මුහුදු වෙරළේ වැලිවලට සමාන වූ+ පුළුල් අවබෝධයක්ද*+ දෙවි ඔහුට ලබා දුන්නේය. 2 ලේකම් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ඉල්ලූ ප්‍රඥාවත් අවබෝධයත් මම ඔබට දෙන්නෙමි.+ එමෙන්ම ඔබට කලින් සිටි කිසි රජ කෙනෙකුට නොතිබූ ධන සම්පත් හා ගෞරවය මම ඔබට දෙන්නෙමි.+ ඔබෙන් පසුව පැමිණෙන කිසිම රජ කෙනෙක් ඔබට සමාන නොවන්නෙහිය.”+ යාකොබ් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම්+ එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි.+ ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර+ සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.+
12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි.
29 දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත්+ තේරුම්ගැනීමේ හැකියාවත්+ නොඅඩුව දුන්නේය. මුහුදු වෙරළේ වැලිවලට සමාන වූ+ පුළුල් අවබෝධයක්ද*+ දෙවි ඔහුට ලබා දුන්නේය.
12 ඔබ ඉල්ලූ ප්‍රඥාවත් අවබෝධයත් මම ඔබට දෙන්නෙමි.+ එමෙන්ම ඔබට කලින් සිටි කිසි රජ කෙනෙකුට නොතිබූ ධන සම්පත් හා ගෞරවය මම ඔබට දෙන්නෙමි.+ ඔබෙන් පසුව පැමිණෙන කිසිම රජ කෙනෙක් ඔබට සමාන නොවන්නෙහිය.”+
5 එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම්+ එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි.+ ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර+ සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.+