ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+

  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • 2 ලේකම් 6:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 දෙවියනි, ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ගේ වැරදිවලට ඔවුන්ට සමාව දෙන්න.+ ඔවුන් එක් එක් කෙනාගේ සිතේ තියෙන දේ ඔබ හොඳින් දන්නා නිසා+ ඔවුන්ට සුදුසු ප්‍රතිඵල ලබා දෙන්න.+

  • යෙරෙමියා 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+

  • යෙරෙමියා 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+

  • ක්‍රියා 1:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට ඔවුහු යාච්ඤා කරමින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවියනි, සියල්ලන්ගේ සිත් දන්නේ ඔබයි.+ මේ මිනිසුන් දෙදෙනා අතරින් ඔබ තෝරාගෙන තිබෙන්නේ කාවද කියා අපට පෙන්වන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න