ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යූදා සිංහ පැටවෙකි.+ මාගේ පුත්‍රය, ඔබ ගොදුර කා නැඟිට යන්නෙහිය. ඔබ සිංහයෙකු මෙන් බිම දිගා වන්නෙහිය. සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යය ඇත්තේ කාටද?+

  • ගණන් කතාව 23:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මේ සෙනඟ සිංහයෙකු* මෙන් පිබිදෙන හැටි බලන්න.

      ඔවුහු සිංහයෙකු* මෙන් නැඟිටින්නෝය.+

      ඔවුහු ගොදුර කා අවසන් වන තුරු නොනිදන්නෝය.

      මැරුම් කෑ අයගේ ලේ බී අවසන් වන තුරු ඔවුහු ලගින්නේ නැත.”+

  • ගණන් කතාව 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔහු සිංහයෙකු මෙන් බිම දිගා විය.

      සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යය ඇත්තේ කාටද?+

      ඔබට ආශීර්වාද කරන අයට ආශීර්වාද ලැබෙනු ඇත.+

      ඔබට ශාප කරන අය පිටට ශාප පැමිණෙනු ඇත.”+

  • හිතෝපදේශ 28:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+

  • එළිදරව් 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න