21 සලමොන්ගේ පුත් රෙහබෝවම්+ යූදාහි රජකමට පත් විය. රෙහබෝවම් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස්එකකි. ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් යෙහෝවා දෙවි තම නාමය+ වෙනුවෙන් තෝරාගත්+ නුවර වන යෙරුසලමේ සිට ඔහු අවුරුදු දහහතක් පාලනය කළේය.+ ඔහුගේ මව අම්මොන් ජාතික ස්ත්‍රියකි. ඇගේ නම නයමාය.+