ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 කල් යත්ම යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන රන් මේසයද+ සලමොන් රජ සාදා නිම කළේය.

  • 2 ලේකම් 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු රන්වලින් එක හා සමාන හැඩයකින් යුත්+ පහන් රුක්+ දහයක් සාදා ඒවා ශුද්ධස්ථානයේ තැබුවේය. ඉන් පහක් දකුණු පැත්තෙහිද අනික් පහ වම් පැත්තෙහිද තබන ලදි.+

  • 2 ලේකම් 36:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අලුත් අවුරුද්දක ආරම්භයත් සමඟම+ නෙබුකද්නෙෂර් රජ ඔහුගේ හමුදා පිරිස් යවා+ යෙහෝයාකින් රජුව බැබිලෝනියට ගෙනාවේය.+ ඔහු සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ බොහෝ වටිනා දේවල්ද+ ගෙනෙන ලදි. ඉන්පසු නෙබුකද්නෙෂර් රජ, යෙහෝයාකින් රජුගේ බාප්පා වූ ශෙදකියාව+ යූදා දේශයේ හා යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+

  • එස්රා 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සයිරස් රජද යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් භාණ්ඩ ඔවුන්ට නැවත භාර දුන්නේය.+ මීට පෙරාතුව ඒ භාණ්ඩ යෙරුසලමේ සිට රැගෙන ආ නෙබුකද්නෙෂර් රජු+ තමන් ඇදහූ දෙවියන්ගේ දේවාලයෙහි ඒවා තබා තිබිණ.+

  • යෙරෙමියා 28:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝවා දෙවි වන මාගේ ගෘහයෙන් බැබිලෝනියට ගෙන ගිය භාණ්ඩ සියල්ල මම තව අවුරුදු දෙකකින් මේ ස්ථානයටම නැවත ගෙනෙන්නෙමි.’”+

  • දානියෙල් 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ටික වේලාවකින් පසුව මත්ව සිටි ඔහු,+ යෙරුසලමේ දේවමාලිගාවෙන් පැහැරගත් රන් රිදී භාජන+ රැගෙන එන ලෙස නියෝග කළේය. ඒ භාජන ඔහුගේ පියා* වූ නෙබුකද්නෙෂර් රජු විසින් පැහැරගනු ලැබූ ඒවාය. ඔහු ඒවා රැගෙන එන ලෙස නියෝග කළේ තමාටත් එහි සිටි අධිපතීන්ටත් තම භාර්යාවන්ටත් උපභාර්යාවන්ටත් ඒවායින් වයින් බීම සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න