2 රාජාවලිය
11 අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+ 2 නමුත් ඊට කලින් යෙහෝරම් රජුගේ දියණියද අහසියා රජුගේ සහෝදරියද වූ යෙහෝෂෙබා,+ මරණයට නියම වූ රජුගේ පුත්‍රයන් සිටින ස්ථානයට ගොස් අහසියාගේ පුත් යෙහෝයාෂ්ව+ එතැනින් රැගෙන ගියාය. ඇය දරුවාවත් ඔහුගේ කිරි මවවත් අතලියාට සොයාගැනීමට බැරි වන පිණිස යහන් සහිත ඇතුල් කාමරයකට ගෙන ගොස් සඟවා තැබුවාය.+ එබැවින් ඔහුගේ ජීවිතය බේරුණේය. 3 දරුවා අවුරුදු හයක් පුරා ඇය සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ ඇතිදැඩි වූයේය. ඒ කාලයේදී අතලියා දේශය පාලනය කරමින් සිටියාය.+
4 හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ පණිවිඩ යවා, කාරීය ආරක්ෂක භටයන්ගේ+ හා පණිවිඩකරුවන්ගේ+ ප්‍රධානීන්ට* යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඔවුන් එතැනට පැමිණි පසු යෙහෝයාදා, යෙහෝවා දෙවිගේ ගෘහයේදීම ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන+ ඔවුන්ගෙන් දිවුරුම් ගත්තේය.+ පසුව ඔහු රජුගේ පුත්‍රයාව ඔවුන්ට පෙන්වා 5 ඔවුන්ට මෙසේ අණ කළේය. “ඔබ කළ යුත්තේ මෙයයි. කණ්ඩායම් තුනකට බෙදෙන්න. සබත් දවසේදී එක කණ්ඩායමක් ඇවිත් රජමාලිගාව+ හොඳින් මුර කළ යුතුයි. 6 තව කණ්ඩායමක් යෙසොද් දොරටුවත්*+ අනික් කණ්ඩායම පණිවිඩකරුවන් සිටින ස්ථානය පිටුපස තිබෙන දොරටුවත් මුර කළ යුතුයි. මෙලෙස ඔබ එක් එක් කෙනාගේ වාරය පැමිණෙන විට දේවමාලිගාව+ හොඳින් මුර කරන්න. 7 ඔබ අතරේ සිටින කණ්ඩායම් දෙකකට සබත් දවසේදී නිවාඩු ලැබෙනවා. නමුත් ඔවුන්ද රජතුමා වෙනුවෙන් යෙහෝවා දෙවිගේ ගෘහය මුර කළ යුතුයි. 8 එකිනෙකා තම තමාගේ ආයුධ අතට ගෙන රජතුමා වටා සිටිය යුතුයි. කවුරු හෝ මුරකාවල් කඩාගෙන ඇතුල් වෙන්න උත්සාහ කළොත් ඔහුව මරා දැමිය යුතුයි. රජතුමා යන එන විට ඔහු සමඟ ගමන් කරන්න.”
9 එම ප්‍රධානියෝ+ පූජක යෙහෝයාදා අණ කළ සියල්ල එලෙසම කළෝය. ඒ එක් එක් කෙනා තමන් යටතේ සේවය කළ අය අතරින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත්+ සබත් දවසේදී සේවයෙන් නිවාඩු ලැබූ අයවත් රැගෙන පූජක යෙහෝයාදාව හමු වීමට පැමිණියෝය. 10 එවිට පූජකයා, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු දාවිත් රජුගේ සියලු හෙල්ලද පලිස්ද ගෙන ඒවා එම ප්‍රධානීන්ට දුන්නේය.+ 11 පණිවිඩකරුවෝ+ තම තමාගේ ආයුධ අතට ගෙන දේවමාලිගාවේ දකුණු පැත්තේ සිට වම් පැත්ත දක්වා මුර කළෝය. ඔවුහු පූජාසනයත්+ දේවමාලිගාවත් අසල සිටි රජු වටා සිටියෝය. 12 එවිට පූජක යෙහෝයාදා, රජුගේ පුත්‍රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ ඇල්ලුවේය. මෙසේ ඔවුහු, ඔහුව රජු ලෙස+ අභිෂේක කළෝය.+ ඔවුහු අත්පොළසන් ගසමින්+ හඬ නඟා, “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ කියා කීවෝය.
13 ඒ මේ අත දිව ගිය සෙනඟගේ ඝෝෂාව අතලියාට ඇසුණු විගස ඈ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස්ව සිටි සෙනඟ වෙතට පැමිණියාය.+ 14 එවිට සිරිත් පරිදි රජතුමා කුලුන ළඟ සිටගෙන+ සිටින ආකාරයත් ප්‍රධානීන් සහ හොරණෑ පිඹින්නන්+ රජුව වට කරගෙන සිටින ආකාරයත් ඇය දුටුවාය. දේශයේ සිටි සියලු මිනිස්සු හොරණෑ ශබ්දය මැද ප්‍රීති වෙමින් සිටියෝය.+ එය දුටු අතලියා+ තම පිට වස්ත්‍ර ඉරාගනිමින්, “මෙය මහා කුමන්ත්‍රණයක්! මහා කුමන්ත්‍රණයක්”+ කියා කෑගැසුවාය. 15 එවිට පූජක යෙහෝයාදා, යුධ සේනාව භාරව සිටි ප්‍රධානීන්ට*+ මෙසේ අණ කළේය. “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න. ඇයව බේරගන්න යමෙක් ආවොත් ඔහුව කඩුවෙන් මරා දමන්න!”+ මන්ද, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින්ම පවසා තිබිණ. 16 එබැවින් ඔවුහු ඇයව අල්ලාගෙන රජමාලිගාවේ+ අශ්ව දොරටුව අසලට+ ගෙන ගොස් එතැනදී ඇයව මරා දැමුවෝය.+
17 පසුව රජු+ ඇතුළු සෙනඟ හා යෙහෝවා දෙවි අතර+ ගිවිසුමක් ඇති කිරීමට යෙහෝයාදා පියවර ගත්තේය.+ එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ. රජු සහ සෙනඟ අතරත් ගිවිසුමක් ඇති කිරීමට ඔහු පියවර ගත්තේය.+ 18 ඉන්පසු දේශයේ වැසියෝ සියලුදෙනා බාල්ගේ දේවාලයට ගොස් පූජාසන කඩා දමා+ එහි තිබුණු බාල් රූප සියල්ල සුනුවිසුනු කළෝය.+ බාල්ගේ පූජකයා වූ මත්තාන්වද+ ඒ පූජාසන ඉදිරිපිටම මරා දැමුවෝය.+
පසුව පූජකයා යෙහෝවා දෙවිගේ ගෘහය බලාගැනීමට අධිපතීන්ව පත් කළේය.+ 19 ඔහු රජතුමාව යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට රජමාලිගාවට ගෙන ඒම සඳහා සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර සිටි අධිපතීන්වද කාරීය ආරක්ෂක භට පිරිසවද+ පණිවිඩකරුවන්වද+ දේශයේ සියලු වැසියන්වද රැස් කළේය. ඉන්පසු ඔවුහු රජතුමාව පණිවිඩකරුවන්ගේ දොරටුවෙන් රජමාලිගාවට ගෙන ආවෝය.+ රජතුමා සිංහාසනයේ හිඳගත්තේය.+ 20 දේශයේ සියලුදෙනා මේ ගැන සතුටු වූහ.+ ඒ වන විට රජමාලිගාව අසල අතලියාව මරා දමා තිබිණ.+ නගරය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතිණ.